ඔබත් දවල් කාලයේ වැඩිපුර එළිමහනේ ඉන්නවාද? සමේ පිළිකා අවදානම ගැන විශේෂඥ වෛද්‍යවරුන් කියපු භයානක ඇත්ත මෙන්න.
Thursday, 07 May 2026 - 16:26 | Views - 135
දෛනිකව දැඩි හිරු රශ්මියට නිරාවරණය වන පුද්ගලයින්ට සමේ පිළිකා ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.

විශේෂයෙන්ම උදෑසන 10ත් පස්වරු 4ත් අතර කාලය තුළ පවතින හිරු එළිය සිරුරට වඩාත් අහිතකර බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළා.

හිරු එළියෙන් එල්ල වන මෙම බලපෑමෙන් ආරක්ෂා වීම සඳහා සිරුර උපරිමයෙන් ආවරණය වන පරිදි ඇඳුම් පැළඳුම් භාවිත කරන ලෙසත්, හිරු එළියට නිරාවරණය වන අවස්ථාවලදී සුදුසු ආරක්ෂිත ආලේපනයක් (Sunscreen) භාවිත කරන ලෙසත් පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසින්ති ජයලත් මහත්මිය පවසා තිබෙනවා.

සමෙහි නිරෝගීභාවය රැකගැනීම සඳහා මෙම පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව ඇය වැඩිදුරටත් අවධාරණය කළා.

දවසේ උච්චතම හිරු රශ්මිය පවතින කාල සීමාව තුළ සෘජුවම හිරු එළියට නිරාවරණය වීමෙන් සෛලවලට හානි සිදුවිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා.

මේ හේතුවෙන් එළිමහන් රාජකාරිවල නිරත වන පුද්ගලයින් සහ පාසල් දරුවන් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවට ද උපදෙස් ලබා දී ඇති බව වාර්තා කළා.
Share This Article
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
කාලයක් පුංචි තිරයේ ටෙලිනාට්‍ය රැසක් හරහා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් සුරූපී...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top