ලංකාවේ එකම භූතාප තෙත්බිම ගැන ඔබ දන්නවාද? එය සුරැකීමට රජයෙන් විශේෂ පියවරක්..
Friday, 15 May 2026 - 11:47 | Views - 60
අම්පාර, මහඔය පිහිටි හෙක්ටයාර් 20කට අධික 'කපුරැල්ල' උණුදිය වගුරු බිම විශේෂ ගැසට් නිවේදනයක් මගින් සංරක්ෂණය කිරීමට තීරණය කරලා තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හඳුනාගත් ප්‍රථම හා එකම භූතාප තෙත්බිම (Geothermal Wetland) ලෙස සැලකෙන අම්පාර, මහඔය පිහිටි කපුරැල්ල උණුදිය තෙත්බිම වහාම සංරක්ෂණය කර ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කරලා තිබෙනවා.

අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය, බෝගමුයාය ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පිහිටි හෙක්ටයාර් 20.1 කින් යුත් මේ සුවිශේෂී පරිසර පද්ධතිය නිරීක්ෂණය කිරීම සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ඇතුළු පිරිසක් පසුගිය 12 වැනිදා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

මෙහි පවතින ජෛව විවිධත්වය හා පාරිසරික වටිනාකම විනාශ වීමට ඉඩ නොදී රැකගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.

සාමාන්‍යයෙන් මෙරට දක්නට ලැබෙන උණුදිය උල්පත් කුඩා පොකුණු ස්වභාවයක් ගත්තද, කපුරැල්ලේදී දක්නට ලැබෙන්නේ පුළුල් ප්‍රදේශයක් පුරා පැතිරුණු උණුදිය වගුරු (Marshy) ස්වභාවයක්.

මේ නිසාම මෙම කලාපය විද්‍යාත්මක මෙන්ම පාරිසරික අතින් අතිශය වැදගත් සහ සංවේදී ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අනාගත පරපුර වෙනුවෙන් මෙවැනි දුර්ලභ ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අදාළ අංශ සමඟ එක්ව විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව,...
Hiru Tv Blog
ලංකාවේ ජනප්‍රියම තරු පවුලක බාලම සුරංගනාවිය, හැමෝම ආදරය කරන ශනුද්‍රි ප්‍රියසාද්...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...
Hiru Tv Blog
නව කෘත්‍රිම බුද්ධි (AI) විශේෂාංග පිළිබඳව ජනතාව නොමඟයැවූ බවට එල්ලවූ චෝදනා සහිත...
Hiru Tv Blog
මේ ඇසෙන්නේ WhatsApp භාවිත කරන තවත් පිරිසක් වෙත වැදගත් වෙන කාරණයක්.ඉතින් ඔබත් කලින්ම...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top