මාරාන්තික ඉබෝලා වෛරසය යළිත් හිස ඔසවයි. සෞඛ්‍ය අංශවල දැඩි අවදානය කොංගෝවට..
Friday, 15 May 2026 - 15:32 | Views - 526
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ මේ වනවිට අලුතින් පැතිර යන මාරාන්තික ඉබෝලා (Ebola) වසංගත තත්ත්වයෙන් පුද්ගලයන් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් එම පළාත තුළ හදිසි වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට අප්‍රිකාවේ සෞඛ්‍ය ඒජන්සිය පියවර ගෙන තිබෙනවා.

අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (Africa CDC) සඳහන් කරන පරිදි, ප්‍රධාන වශයෙන් මොන්ග්වාලු (Mongwalu) හා රවම්පාරා (Rwampara) යන ප්‍රදේශවලින් රෝගීන් 246ක් වාර්තා වී තිබෙනවා.

මියගිය පිරිස අතරින් සිව්දෙනෙකුම රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු කරන ලද රෝගීන් බව එම මධ්‍යස්ථානය පෙන්වා දුන්නා.

එමෙන්ම ඉටුරි පළාත් අගනුවර වන බුනියා (Bunia) වෙතින් ද සැක සහිත රෝගීන් රැසක් වාර්තා වී ඇති අතර ඒවායේ රසායනාගාර තහවුරු කිරීම් තවමත් ලැබෙමින් පවතිනවා.

පවතින බරපතළ තත්ත්වය හමුවේ වසංගත මර්දන කටයුතු හා දේශසීමා නිරීක්ෂණ පිළිබඳව කඩිනමින් සාකච්ඡා කිරීම සඳහා කොංගෝව, උගන්ඩාව, දකුණු සුඩානය හා අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් සමග විශේෂ සාකච්ඡාවක් කැඳවීමට අප්‍රිකානු රෝග පාලන මධ්‍යස්ථානය කටයුතු කළා.

කොංගෝ සෞඛ්‍ය අමාත්‍යාංශය කළ මූලික පරීක්ෂණවලදී, විශ්ලේෂණය කරන ලද සාම්පල 20කින් 13කම වෛරසය පවතින බව හඳුනාගෙන තිබෙනවා.

1976 වසරේදී වර්තමාන කොංගෝ රාජ්‍යයෙන් ප්‍රථම වරට හඳුනාගත් ඉබෝලා වෛරසය, වවුලන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූවක් බව විශ්වාස කෙරෙනවා. මෙය ශරීර තරල සමග සෘජුව සම්බන්ධ වීමෙන් බෝවන මාරාන්තික වෛරස් රෝගයකි.

මෙහි මූලික රෝග ලක්ෂණ ලෙස උණ, මාංශ පේශි වේදනාව, අධික තෙහෙට්ටුව, හිසරදය හා උගුරේ අමාරුව ඇති විය හැකියි.

ශරීරය අභ්‍යන්තරයේ අධික රුධිර වහනයක් සිදු කරමින් ශරීරයේ ඉන්ද්‍රියයන් අක්‍රිය කිරීමට මේ වෛරසය සමත්වුණා.

ඉබෝලා රෝගය සඳහා මෙතෙක් ස්ථිර සුවයක් සොයාගෙන නොමැති අතර, පසුගිය වසර 50ක කාලය තුළ අප්‍රිකානු රටවල් කිහිපයක පුද්ගලයන් 50,000ක් පමණ මෙම වෛරසය හේතුවෙන් මියගොස් තිබෙනවා.

කොංගෝවේ දරුණුතම ඉබෝලා ව්‍යාප්තිය 2018 - 2020 කාලයේදී වාර්තා වූ අතර එහිදී පුද්ගලයන් 2,300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව සෞඛ්‍ය අංශ අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top