නෞකාවකින් මතුවූ අලුත්ම වෛරස් අවදානම.. හැන්ටාවෛරසටයට අප කෙතරම් බිය විය යුතුද?
Tuesday, 12 May 2026 - 13:17 | Views - 166
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක හැන්ටාවෛරසය (Hantavirus) ව්‍යාප්ත වීම පිළිබඳව මේ වනවිට ජාත්‍යන්තර සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අවධානය යොමුවෙලා තිබෙනවා.

ආර්ජන්ටිනාවෙන් ගමන් ආරම්භ කළ මේ නෞකාවේ මගීන් තිදෙනෙකු දැනටමත් මිය ගොස් ඇති අතර තවත් කිහිපදෙනෙකු ප්‍රතිකාර සඳහා යොමුකරලා තිබෙනවා.

බොහෝ දෙනෙකු තුළ මේ පිළිබඳව බියක් හටගෙන තිබුණත්, මෙය කොවිඩ්-19 හෝ ඉන්ෆ්ලූවෙන්සා වැනි වසංගත තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවා.

මේ වෛරසය මිනිසුන් අතර පහසුවෙන් පැතිරෙන්නේ නැති නිසා ගෝලීය වශයෙන් පවතින අවදානම ඉතා අඩු මට්ටමක පවතින බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වාදී තිබෙනවා.

මීයන්ගේ මලමුත්‍රා හෝ කෙළවලින් දූෂණය වූ වාතය ආශ්වාස කිරීම මගින් හැන්ටාවෛරසය සාමාන්‍යයෙන් මිනිසුන්ට ආසාදනය සිදුවෙනවා.

මේ නෞකාවේ මගීන් වනාන්තර නැරඹීමට ගිය අවස්ථාවකදී වෛරසයට නිරාවරණය වන්නට ඇතිබව සැකකරනවා.

නෞකාවක් වැනි සීමිත ඉඩකඩක් ඇති ස්ථානයකදී ඉතා සමීප සම්බන්ධතා පවත්වන පුද්ගලයන් අතර මෙය පැතිරීමේ අවදානමක් පවතිනවා.

මේ වෛරසය ආසාදනයවූ විට මූලිකවම තද උණ, තෙහෙට්ටුව, මාංශ පේශී වේදනාව, උදරයේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව, වමනය, පාචනය වැනි රෝග ලක්ෂණ මතුවිය හැකියි.

නෞකාවේ සිටි මගීන් දැනටමත් එක්සත් රාජධානිය, ඇමරිකාව හා ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් රැසකට ගොස් තිබෙනවා.

ඔවුන් හරහා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මකවන අතර, ආරක්ෂිත පියවරක් ලෙස ඇතැම් මගීන්ට දින 45ක නිරෝධායන කාලසීමාවක්ද නිර්දේශ කරලා තිබෙනවා.

නිසි වේලාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කරගත හැකි බවත්, සාමාන්‍ය ජනතාව මේ පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නැති බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

BBC පුවත් ඇසුරෙන්..
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top