ශ්‍රී ලංකාවේ අක්ෂි දානය ගැන ජාත්‍යන්තරයේ පැසසුම්.. මෙරට 84%ක් ගත් උදාර තීරණය..
Tuesday, 12 May 2026 - 10:47 | Views - 69
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු තම ඇස් දන්දීම සඳහා කැමැත්ත පළකර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.

මානව දයාව අතින් ශ්‍රී ලාංකිකයන් ලෝකයේ කෙතරම් ඉහළ තැනක සිටිනවාද යන්න මේ දත්ත මගින් මනාව පැහැදිලි වෙනවා.

ජාතික අක්ෂි බැංකුව ආරම්භකර ගතවූ වසර 15ක කාලය තුළ සුවිශේෂී සේවාවක් ඉටු කරලා තිබෙනවා.

එම කාලය තුළ බැංකුව වෙත ලැබුණු අක්ෂි කුණිත 17,000ක් රෝගීන් 12,000 දෙනෙකුට බද්ධ කිරීමට සෞඛ්‍ය අංශ සමත්වෙලා තිබෙනවා.

ලංකාවේ අක්ෂි බැංකුව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආයතනයක් වන නිසාම, විදේශ රටවලින් අපේ අක්ෂි කුණිත සඳහා විශාල ඉල්ලුමක් පවතිනවා. ඒ අනුව සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව හා ආසියානු රටවලින් විශේෂ ඉල්ලීම් ලැබෙනවා.

මේ වනවිටත් වෙනත් රටවල අවශ්‍යතා වෙනුවෙන් අක්ෂි කුණිත 4,000ත් 5,000ත් අතර ප්‍රමාණයක් ප්‍රදානය කර තිබෙනවා.

ලෝකයේ දෑස් අහිමි වූවන්ට ආලෝකයක් වන්නට දක්වන මේ දායකත්වය සැබවින්ම අගය කළ සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
මේ ඇසෙන්නේ WhatsApp භාවිත කරන තවත් පිරිසක් වෙත වැදගත් වෙන කාරණයක්.ඉතින් ඔබත් කලින්ම...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top