එක දිගට පැය 50ක් සිපගැනීමෙන් ලංකාවේ තරුණිය ජයග්‍රහණය කල ලක්ෂ ගණනක තෑග්ග
Thursday, 20 April 2017 - 19:20 | Views - 6,901
අමෙරිකාවේ ඔස්ටින් ප්‍රාන්තයේ, ටෙක්සස් ප්‍රදේශයේ එක්තරා රේඩියෝ චැනලයක් විසින් අමුතු ආකාරයේ තරඟයක් පවත්වලා තියෙනවා. එය නම් කර ඇත්තේ "Kiss A Kia" නමිනි.

එනම් මෝටර් රථයක් වැඩිම වේලාවක් සිප ගැනි සිටීමයි. පැය 50ක කාලයක් (kia optima LX 2017) සිපගෙන ඉඳලා තමයි මෙම තරඟය ජයග්‍රහණය කරන්න වෙන්නේ. 17 වන සඳුදා උදේ 7.00ට පමණ මෙම තරගය ආරම්භ වී ඇති අතර තරගය අවසන් වී ඇත්තේ බදාදා (19) දිනයේ බවයි සඳහන් වන්නේ.

තරඟකරුවන් 20ක් මෙම තරඟය සඳහා සහභාගි වී ඇති අතර පසුව ඉතිරිව ඇත්තේ 6 දෙනෙකු පමණයි.

කෙසේ වෙතත් මෙම තරගයට සහභාගී වූ තරගකරුවන් සඳහා පැයකට මිනිත්තු 10ක පමණ කාලයක් ආහාර ගැනීමට සහ අවශ්‍යතාවයක් සඳහා ලබාදී තිබෙනවා.

අවසානයේ මේ තරඟයෙන් ජයග්‍රහණය කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලංකාවේ කාන්තාවක් වන 30 හැවිරිදි දිලිනි ජයසූරියයි. ඇය අමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය රසායානාගාරයක සේවය කරන්නියක් බවත් විවාහක තරුණියක් බවත් විදෙස් වාර්තා සඳහන් කරනවා.

මේ තරඟයෙන් ඇයට හිමි වූ මෙම කාර් රථයේ වටිනාකම ඩොලර් 23,100 ක් බවත් වැඩිදුරටත් පැවසෙනවා.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top