එක දිගට පැය 50ක් සිපගැනීමෙන් ලංකාවේ තරුණිය ජයග්රහණය කල ලක්ෂ ගණනක තෑග්ග
Thursday, 20 April 2017 - 19:20 | Views - 6,902
අමෙරිකාවේ ඔස්ටින් ප්රාන්තයේ, ටෙක්සස් ප්රදේශයේ එක්තරා රේඩියෝ චැනලයක් විසින් අමුතු ආකාරයේ තරඟයක් පවත්වලා තියෙනවා. එය නම් කර ඇත්තේ "Kiss A Kia" නමිනි.
එනම් මෝටර් රථයක් වැඩිම වේලාවක් සිප ගැනි සිටීමයි. පැය 50ක කාලයක් (kia optima LX 2017) සිපගෙන ඉඳලා තමයි මෙම තරඟය ජයග්රහණය කරන්න වෙන්නේ. 17 වන සඳුදා උදේ 7.00ට පමණ මෙම තරගය ආරම්භ වී ඇති අතර තරගය අවසන් වී ඇත්තේ බදාදා (19) දිනයේ බවයි සඳහන් වන්නේ.
තරඟකරුවන් 20ක් මෙම තරඟය සඳහා සහභාගි වී ඇති අතර පසුව ඉතිරිව ඇත්තේ 6 දෙනෙකු පමණයි.
කෙසේ වෙතත් මෙම තරගයට සහභාගී වූ තරගකරුවන් සඳහා පැයකට මිනිත්තු 10ක පමණ කාලයක් ආහාර ගැනීමට සහ අවශ්යතාවයක් සඳහා ලබාදී තිබෙනවා.
අවසානයේ මේ තරඟයෙන් ජයග්රහණය කරලා තියෙන්නේ ඕස්ට්රේලියාවේ පදිංචි ශ්රී ලංකාවේ කාන්තාවක් වන 30 හැවිරිදි දිලිනි ජයසූරියයි. ඇය අමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්ය රසායානාගාරයක සේවය කරන්නියක් බවත් විවාහක තරුණියක් බවත් විදෙස් වාර්තා සඳහන් කරනවා.
මේ තරඟයෙන් ඇයට හිමි වූ මෙම කාර් රථයේ වටිනාකම ඩොලර් 23,100 ක් බවත් වැඩිදුරටත් පැවසෙනවා.
Share This Article