ශකීරා යළිත් පාපන්දු ලෝක කුසලාන පිටියට.. මෙවර ඇය ගායනා කරන අලුත්ම සින්දුව මෙන්න.
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව, මෙක්සිකෝව හා කැනඩාව යන රටවල පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ නිල තේමා ගීතය ගැයීමේ වාසනාව හිමිකරගෙන තිබෙනවා.
'Waka Waka' ගීතයෙන් මුළු ලොවම පිනවූ ඇයගේ මේ නැවත පැමිණීම ගැන ක්‍රීඩා ලෝලීන් දැඩි උද්යෝගයකින් පසුවන බව වාර්තා කළා.
ශකීරා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා බ්‍රසීලයේ මාරකානා (Maracana) ක්‍රීඩාංගණයේ සිට විනාඩියක වීඩියෝවක් එක් කරමින් මේ සුබ පුවත රසිකයන්ට දන්වා තිබෙනවා.
මෙවර ඇය සමඟ නයිජීරියානු ගායක Bua Boy ද එක්වන අතර, "Dai Dai" ලෙස නම්කර ඇති මේ නිල ගීතය එළඹෙන මැයි 14 වැනිදා ලොව පුරා නිල වශයෙන් නිකුත්කරන බව වාර්තා කළා.
ශකීරා ලෝක කුසලාන තරගාවලියක් වෙනුවෙන් නිල ගීතයක් ගායනා කරන දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර ඇය 2010 දකුණු අප්‍රිකානු ලෝක කුසලානයේ 'Waka Waka' ගීතය ගායනා කර තිබෙනවා.
මීට අමතරව ඇය 2014 බ්‍රසීල ලෝක කුසලානය වෙනුවෙන් 'La La La' ගීතය ඉදිරිපත් කළ අතර, රියෝ ද ජැනයිරෝහි පැවති එහි සමාප්ති උළෙලේදී ඇය එය ගායනා කළා.
එසේම ඇය 2006 වසරේ ජර්මනියේ පැවති ලෝක කුසලාන සමාප්ති උළෙලේදී ද 'Hips Don't Lie' ගීතය ගායනා කළා
වසර ගණනාවකට පසු ශකීරා යළිත් පාපන්දු ලෝක කුසලානයක් වර්ණවත් කිරීමට එක්වීම සුවිශේෂී සිදුවීමක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කළා.