“RED EASTER” ලෝකයම ජයගනියි. සම්මානනීය අධ්‍යක්ෂවරයෙකුගේ ප්‍රබල සිනමා දැක්ම මෙන්න.
Wednesday, 22 April 2026 - 10:24 | Views - 63

ශ්‍රී ලංකාවෙන් ලෝක සිනමාවට ඉදිරිපත් වන ශක්තිමත් නිර්මාණාත්මක හඬක් ලෙස අධ්‍යක්ෂ යූ.ඒ. පල්ලියගුරු (U.A. Palliyaguru) විසින් නිර්මාණය කරන ලද "Red Easter" චිත්‍රපටය මේ වනවිට ජාත්‍යන්තර මට්ටමින් විශාල අවධානයක් දිනාගෙන තිබෙනවා.
මේ චිත්‍රපටය දැනටමත් ජාත්‍යන්තර සිනමා උළෙලවල සම්මාන හා පිළිගැනීම් රැසක් දිනාගැනීමට සමත්වෙලා තිබීමත් විශේෂත්වයක්.
"Red Easter" චිත්‍රපටය ආසියානු මෙන්ම යුරෝපා සිනමා උළෙලවල් ගණනාවක තම ආධිපත්‍යය පතුරවලා තිබෙනවා.
විශේෂයෙන්ම Asian Talent International Film Festival 2025 හා Bangkok Movie Awards 2025 හි ජයග්‍රාහකයා (Award Winner) බවට පත්වීමට මේ නිර්මාණයට හැකියාව ලැබිලා තිබෙනවා.
එසේම ඇතැන්ස්, ටියැන්ජින් හා ඉස්තාන්බුල් වැනි ලෝක ප්‍රකට සිනමා උළෙලවල අවසන් වටය හා නිල තේරීම් නියෝජනය කරමින් ලාංකේය සිනමාවේ ගුණාත්මක බව ලොවටම පෙන්වාදී තිබෙනවා.
යූ.ඒ. පල්ලියගුරු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු විතරක් නෙමෙයි, මෙරට සිනමාවට චිත්‍රපට 15ක් පමණ නිෂ්පාදනය කරමින් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් අයෙක්.
2012 වසරේ "සුපර් සික්ස්" සිට ආරම්භවූ ඔහුගේ සිනමා ගමන, පසුව "සැඟවෙන කිරිල්ලියෝ", "ආලේ කොරෝනා", "පියාඹන්න ආයෙත්" හා 2026 වසරේ "ටෲත් ඕ ඩෙයාර්" (Truth or Dare) දක්වා විහිදිලා තිබෙනවා.
ඔහුගේ දෘශ්‍ය භාෂාව හා නවීන සිනමා රීති භාවිතය තුළින් ශ්‍රී ලංකාවටද ලෝකය අභියෝග කළ හැකි ගැඹුරු නිර්මාණකළ හැකිබව ඔහු "Red Easter" හරහා ඔප්පුකරලා අවසානයි.
ජාත්‍යන්තර සිනමා උළෙලවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකා සිනමාවට නව මාර්ගයක් විවෘත කරන "Red Easter" චිත්‍රපටය නුදුරේදීම ලොවපුරා බෙදා හැරීමටද සියලු කටයුතු සූදානම්කර තිබෙනවා.
Share This Article