Shruti Haasan ඉවත් වුණේ ඇයි? "Dacoit" සිනමාපටය ගැන අලුත්ම ආරංචිය මෙන්න!
Sunday, 05 April 2026 - 12:35 | Views - 175
තෙළිඟු සිනමාවේ අතිශය ජනප්‍රිය තරුවක් වන Adivi Seshu හා සුන්දර නිළි Mrunal Thakur ප්‍රධාන චරිත නිරූපණය කරන "Dacoit" චිත්‍රපටය ගැන අලුත්ම ආරංචියක් දැනගන්න ලැබුණා.

Romantic Action Thriller ගණයට අයත් මේ චිත්‍රපටය මුලින්ම උගාදි උත්සවයට සමගාමීව 2026 මාර්තු 19 වැනිදා තිරගත කිරීමට සැලසුම් කරලා තිබුණා. විවිධ හේතුන් මත කල්දමන්නට සිදුවුනත්, 2026 අප්‍රේල් 10 වැනිදා චිත්‍රපටය තිරගතවන බව නිල වශයෙන් දැනුම්දීලා තිබෙනවා.

මේ චිත්‍රපටයට මුලින්ම ප්‍රධාන නිළිය විදිහට Shruti Haasan ගිවිසුම් අත්සන් කර තිබුණත් හදිසියේම ඇය ඉවත්වුණු නිසා ඒ වෙනුවට Mrunal Thakur එක්වෙලා තිබෙනවා. Shruti ඉවත්වීමට හේතුවනම් තවම හෙලිකරලා නැහැ.

Shaneil Deo විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයට Anurag Kashyap, Prakash Raj හා Atul Kulkarni වැනි ප්‍රබල නළුවන් රැසක් සිය රංගනයෙන් දායකවෙනවා. ප්‍රකට Annapurna Studios යටතේ Supriya Yarlagadda මෙය නිෂ්පාදනය කරලා තිබෙනවා.

අප්‍රේල් 10 වැනිදා තිරගත වන "Dacoit", අදිවි ශේෂුගේ සිනමා දිවියේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇති බවට සිනමා විචාරකයින් අනාවැකි පළකරනවා.
Share This Article
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top