Anne Hathaway පොප් තරුවක් වෙයි! හොලිවුඩය කැළඹූ "Mother Mary" ළඟදීම රිදී තිරයට!
Sunday, 05 April 2026 - 9:58 | Views - 250
සුපිරි හොලිවුඩ් නිළි Anne Hathaway නැවතත් රිදී තිරය ආක්‍රමණය කිරීමට සූදානම් වනවා. ඒ ප්‍රකට සිනමාකරු ඩේවිඩ් ලෝවරිගේ අලුත්ම නිර්මාණය වන "Mother Mary" හරහායි.

මෙම වසරේ අප්‍රේල් 17 වැනිදා සිට ලොව පුරා තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටය, සංගීත ලොව අතිශය ජනප්‍රිය පොප් තරුවකගේ ජීවිතයේ ඇතුළාන්තය නිරූපණය වන මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක අත්දැකීමක් නිරූපනය කරනවා.

මෙහි ප්‍රධාන චරිත සඳහා ඇන් හාත්වේ (Anne Hathaway) සමඟින් මයිකෙලා කොයෙල් (Michaela Coel) හා හන්ටර් ෂෙයිෆර් (Hunter Schafer) එක්වී සිටිනවා.

බොහෝ දෙනා පවසන්නේ මෙය සාමාන්‍ය සංගීතමය චිත්‍රපටයකට වඩා තරමක් බියකරු හා ගැඹුරු නිර්මාණයක් කියලයි. මේ චිත්‍රපටයේ එන පොප් තරුවට Mother Mary වැනි නමක් යෙදීම ගැනත් මේ වනවිට සමාජ මාධ්‍යවල ලොකු කතාබහක් ඇතිවෙලා තිබෙනවා.

ප්‍රකට A24 චිත්‍රපට සමාගම විසින් නිෂ්පාදනය කරන මෙම චිත්‍රපටය, පසුගිය කාලයේ ජනප්‍රිය වූ "Vox Lux" හා "Smile 2" වැනි චිත්‍රපටවලට සමාන ස්වභාවයක් ගනු ඇතැයි විචාරකයින් අනාවැකි පළකරනවා.

මීට පෙර අපූරු සිනමාපට නිර්මාණය කළ ඩේවිඩ් ලෝවරි මෙවරත් ප්‍රේක්ෂකයින්ව මවිත කරාවිද?

අප්‍රේල් 17 වැනිදා සිට ලොව පුරා සිනමාහල් වෙත පැමිණෙන "Mother Mary" ගේ හඬට සවන් දෙන්න ඔබත් සූදානම්වෙන්න.
Share This Article
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම රිදී තිරය හරහාත් දශක ගණනාවක් තිස්සේ ප්‍රේක්ෂක ඔබව හමුවුණු,...
Hiru Tv Blog
කලා ලෝකයේ කොයි කවුරුත් එක ලෙස ආදරය කරන, දක්ෂ මෙන්ම ගුණගරුක රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන විශේෂ කතාවක්. පසුගිය දවසක ඇය රෝහලේ ප්‍රතිකාර ලබනවා...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top