ලෝක සිනමාවේ 'සරාගී සලකුණ' දිවි මඬලට සමුදුන් හැටි තවමත් අභිරහසක්..
Monday, 29 December 2025 - 16:23 | Views - 496

ලෝක සිනමාවේ සරාගී සලකුණ මෙන්ම ආන්දෝලනාත්මක රංගන ශිල්පිනියක වූ බ්‍රිජිට් බාඩෝ (Brigitte Bardot) වයස අවුරුදු 91 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වූ බව ඇයගේ පදනම විසින් අද නිවේදනය කරනු ලැබුවා.

ප්‍රංශය පමණක් නොව මුළු ලෝකයම ඇයව හැඳින්වූයේ "B.B." යන කෙටි නාමයෙන්.

1934 පැරිස් නුවර උපත ලැබූ ඇය, වයස අවුරුදු 15 දී 'Elle' සඟරාවේ කවරයට පෙනී සිටිමින් කලාවට අවතීර්ණ වුණා. 1956 වසරේ තිරගත වූ "And God Created Woman" චිත්‍රපටය ඇයව ලෝකප්‍රකට තරුවක් බවට පත් කළා. ඇයගේ එවකට ස්වාමිපුරුෂයා වූ රොජර් වඩීම් අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටයේ ඇය පෑ නිර්භීත රංගනය, එතෙක් සිනමාවේ සිටි "ලැජ්ජාශීලී වීරවරියන්ගේ" ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් කළ බවයි විචාරකයින් පවසන්නේ.

ඇය සිනමාවෙන් සමුගැනීමෙන් පසු වඩාත් ප්‍රසිද්ධ වූයේ සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින දැඩි ක්‍රියාකාරිනියක ලෙසයි. එසේම ඇයගේ දේශපාලනික මතවාදයන් ද පසුකාලීනව දැඩි කතාබහට හා ආන්දෝලනයට ලක්වුණා.

ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, ලෝක සිනමාවේ එක් යුගයක් ඇයගේ නික්මයාමත් සමඟ නිමා වන බව රසිකයින් පවසනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top