කෙල්ලන් ගැන කොල්ලන් නොදත්, නමුත් අනිවාර්යෙන් දැනගත යුතු කරුණු ගොන්නක්
Thursday, 20 April 2017 - 12:05 | Views - 6,429
1.කෙල්ලන් බොහෝවිට කැමතියි සෑමවිටම තමන්ව සිනහා මසු මුහුණින් තබන කොල්ලන්ටයි.

2. තමන් ගැනම පුරසාරම් දොඩවන කොල්ලන්ට කෙල්ලන් පොඩ්ඩක්වත් කැමති නැත.

3. කෙල්ලන් තම පෙම්වතා සමඟ  ඕනම රහස් දෙයක් කතා කිරීමට කැමැත්ත දක්වයි.

4.කෙල්ලන්ට තම හැගීම් සඟවාගෙන සිටීමේ හොද හැකියාවක් ඇත.

5. කෙල්ලන්ට කොල්ලෙක්  ලස්සනයි යැයි කියනවා තරම් සතුටක් තවත් නැති තරම්.

6.කෙල්ලෙක්ට ලස්සනයි යැයි සැමදාම කීවද ඇය එය අමතක කරයි. නමුත් කැතයි යනුවෙන් එක
දවසක් කීවොත් මුලු ජීවිත කාලෙම ඇය එය අමතක නොකරයි.

7. කෙල්ලන් ගන්නා තීරණ සෑමවිටම වෙනස්වෙන සුළුයි.

8. කෙල්ලන් කැමති නෑ තම පෙම්වතා එනතුරු විනාඩි 5ක් වත් බලාසිටීමට.

9. කෙල්ලන් ටෙඩි බෙයාර්ස්ලට ගොඩක් කැමතියි. ඒ වගේම ඔවුන් තම ඇඳ පුරා තබාගෙන සිටී.

10 .තමන් යන්න හැරලා විසිල් කරන කොල්ලන්ට කෙල්ලන් කැමති නෑ. එය ඔවුන් දකින්නේ තමන්ට කරපු මදිකමක් ලෙසසි.

11. කෙල්ලන්ගේ සිතේ ස්වභාවය සැමවිටම වෙනස්වෙන සුලුයි.

12. පිළිවෙලකට ඉන්න ප්‍රියමනාප කොල්ලන්ට කෙල්ලන් කැමැත්තක් දක්වයි.

13. කෙල්ලන්ගේ හිත් කියන්නේ රහස් සාගරයක්. මුලු ජීවිත කාලෙම ඔවුන්ට රහස් හිතේ තබාගෙන ජීවත් විය හැක.

14.කෙල්ලෙක්ගෙන් සමාව ගන්න වුනොත් ඇයව මුලින්ම සන්සුන්කර සිටීම වැදගත්. නැතහොත් ඇය කිසිවිටෙකත් ඔබට සමාව නොදෙනු ඇත.

15. කෙල්ලන් කොල්ලන්ට වඩා කායිකව දුර්වල නමුත් ඔවුන්  ප්‍රශ්න හමුවේදි කොල්ලන්ට වඩා මානසිකව ශක්තිමත්ය.

16. කෙල්ලන් ඉතා ඉක්මනින් පොඩි දේටත් හඬන පිරිසකි. එමගින් ඔවුන් තම දුක නැති කරගැනීමට සමත් වේ.

17. කෙල්ලන් තම පෙම්වතාගෙන් ආරක්‍ෂාව රැකවරණය දැඩිලෙස බලාපොරොත්තු වේ.

18. කෙල්ලන් සාමාන්‍යයෙන් කොල්ලන්ට වඩා සැලසුමක් ඇතිව වැඩකරන පිරිසකි.

19. කෙල්ලන් මේකප් භාවිතා කිරීමට මහත් කැමැත්තක් දක්වයි. ඒ ඔවුන් තුල තම රූපය පිළිබද ඇති අවිශ්වාසය නිසා නොව ඔවුන් සැමවිටම කැමතියි තම භාහිර පෙනුම ඉස්මතු කර පෙන්වීමට.

20. තමන් සිතින් ආදරය කරන කොල්ලා සමග කතාබහ කිරීමේදි ගොතගැසෙන ස්වභාවයක් කෙල්ලන් තුල පවතී.

21. කෙල්ලන්ගේ ලෝකයේ ඔවුන් ආසකරන බොහෝ කොල්ලන් සිටිය හැක. නමුත් ඔවුන් සැබැවින්ම ආදරය කරන්නේ එක කොල්ලෙකුට පමණී.

22. කොල්ලන්ට වඩා වේගයෙන් කෙල්ලන් වයසට යාමේ ප්‍රවනතාවක් ඇත.

23. එමෙන්ම කොල්ලන්ට වඩා තරබාරු වීමේ වැඩි නැඹුරුවක්ද කෙල්ලන් තුල පවතී.

24. කොල්ලන්ට වඩා ඉතා ඉක්මනින් කෙල්ලන් කනස්සල්ලට හා බියට පත්වේ.

25. තමන්ව පුදුමයට පත්වී සතුටක් ගෙන දෙන දේවල් සිදුවෙනවා දැකීමට කෙල්ලන් මහත් කැමැත්තක් දක්වයි.

26. කෙල්ලන් තම ආදර සම්බන්ධය තමන් කියවපු නවකතාවක් හෝ චිත්‍රපටයක සේ සිදුවෙනවා දැකීමට කැමැත්තක් දක්වයි.

27. ඔබගේ සමාව ගැනීමේ විලාශය අවංක යැයි ඇයට හැගුනොත් කෙල්ලන් ඉතා ඉක්මනින් සමාවදෙන සුලුයි.

28. තමන් සිතින් ආදරය කරන කොල්ලට වෙන කෙල්ලෙක් ඇතැයි දැනගත් පසු තම හැගීම් යටපත් කරන් සිටීමේ හැකියාවක් කෙල්ලන්ට ඇත.

29. කෙල්ලන් තම ශරීරයේ බර ගැන සැළකිල්ලෙන් පසුවෙන පිරිසකි.

30. කෙල්ලන් තම පෙම්වතා සමග ප්‍රේමාන්විත වීමට මහත් කැමැත්තක් දක්වයි.

31. එමෙන්ම හුදෙකලා පෙදෙසක තම පෙම්වතා සමග තනිවී කතාබහ කිරීමට කැමැත්තක් දක්වයි.

32. කෙල්ලන් ආදරයේදි බොලඳයි. ඒ වගේම ස්පර්ශයට බොහෝ සේ ඇලුම් කරයි.

33. කෙල්ලන් පළල් උරහිසක් හා පළල් පපුවක් හිමි කොල්ලන්ට වැඩිපුර කැමැත්තක් දක්වයි.

34. තම හැගීම් සපුරාලිය හැකි කොල්ලෙක්ව කෙල්ලෙක් කිසිදා අත් නොහරී.

35. කොල්ලන්ට සාපේක්‍ෂව කෙල්ලන් ඉතා සංවේදි පිරිසකි.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top