සුප්‍රකට ජෙනිෆර්ගේ ආභරණ වෙන්දේසියට..
Thursday, 20 November 2025 - 16:15 | Views - 426
හොලිවුඩයේම ආකර්ශනය දිනාගත්ත මේ සුප්‍රකට කාන්තාවගේ නම ඇසූ පමණින් නොදන්නේ කවුද..? 
 
ජෙනිෆර් ලෝරන්ස්, මේ අන්න ඇයගේ විලාසිතා එක්කම බැඳුණු අපූරු කතාවක්.. සුප්‍රකට හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝරන්ස් ඇගේ සුවිශේෂී අවස්ථාවන්, සම්මාන රාත්‍රින්වලදී සඳහා සිය විලාසිතාවට අලංකාරයක් එක් කිරීමට යොදාගත් ආභරණ, වෙන්දේසි නිවහන ලෙස සැළකෙන අමෙරිකාවේ සොතබීස් හි වෙන්දේසියට තැබීමට නියමිත බවට වාර්තා වනවා. 
 
ඉතා සරල සුන්දරත්වයකට හිමිකම් කියන ඇයගේ සරල විලාසිතාවලට අපූර්වත්වයක් එක් කළ එම ආභරණ බොහොමයක් මිලදී ගෙන ඇත්තේ ද සොතබීස් වෙන්දේසිවලින් බවයි විදෙස් වාර්තා අනාවරණය කළේ. පසුගිය සති කිහිපය තුළ, ලෝරන්ස් වරින් වරට සහභාගි වූ විශේෂ අවස්ථා, සම්මාන උළෙලවලදී සිය කැපී පෙනෙන පෙනුම සම්පූර්ණ කිරීම සඳහා අවස්ථා තුනකදී සොතබීස් ආභරණ භාවිත කර තිබූ බව එම වාර්තාවල දැක්වුණා. මෙම ආභරණ වෙන්දේසියෙන් මිලදී ගැනීමට නම්, ගැනුම්කරුවෙකුට ඩොලර් දසදහස් ගණනක් වැය කිරීමට සිදුවනු ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් අනාවරණය කළා. 
 
කෙසේවෙතත් මෙම ආරණ මේ වනවිට සොතබීස් වෙන්දේසියක් සඳහා ම තබා තිබෙන අතර ඒවා පහත පරිදි වනවා. ජෙනිෆර් ලෝරන්ස් සිය Die My Love චිත්‍රපටයේ ප්‍රචාරණ චාරිකාව, සිනමා උළෙල සඳහා, සොත්බීස් ආභරණ ගබඩාවෙන් ගත් නවීන පන්නයේ ආභරණ කට්ටල ඉතා ඉක්මනින් මහජන වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. වෙන්දේසියට එන ප්‍රධාන ආභරණ අතරට ජොයෙල් ආතර් රොසෙන්තාල් (JAR) කරාබු වන බව සඳහන්. 
 
පසුගිය සති අන්තයේ පැවති Goveors Awards උළෙලේදී, ලෝරන්ස් විසින් ඩියොර් සන්නාමයේ ගවුමක් සමඟ ජොයෙල් ආතර් රොසෙන්තාල් නම් ආභරණ නිර්මාණ ශිල්පියාගේ වින්ටේජ් ක්ලිප්-ඔන් කරාබු යුගලයක් පැළඳ සිටියා. මෙම කරාබු මධ්‍යයේ දිය බිඳුවක හැඩයේ දියමන්ති සහිතව, හිම තට්ටුවක් අනුකරණය වන ලෙස නිර්මාණය කර තිබෙනවා. මෙම කරාබු ඇමරිකානු ඩොලර් 300,000 ත් 500,000 ත් අතර වටිනාකමක් ඇති බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ඒවා දෙසැම්බර් 8 වන දින පැවැත්වෙන Legacy of Elegance සොත්බීස් වෙන්දේසියේදී අලෙවි කිරීමට නියමිතයි. මෙම වෙන්දේසියට 20 වැනි සියවසේ පැරිසියානු ආභරණ නිර්මාණ ශිල්පිනී සුසාන් බෙල්පෙරොන් විසින් නිර්මාණය කරන ලද බ්‍රෝච් එකක් ද ඊට ඇතුළත්. මෙය 1930 ගණන්වල රොක් ස්ඵටික, මුතු සහ දියමන්ති අඩංගු බ්‍රෝච් එකක්. 
 
ලෝරන්ස් මෙම බ්‍රෝච් එක 2025 CFDA සම්මාන උළෙලේදී The Row වෙතින් තෝරාගත් කළු ඇඳුමක් සමඟ භාවිත කළා. එය ඩොලර් 20,000 ත් 30,000 ත් අතර මුදලකට අලෙවි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඩේවිඩ් වෙබ්ගේ Hot Dog මාලය මෙම මස මුලදී පැවති Die My Love චිත්‍රපටයේ නිව්යෝර්ක් මංගල දර්ශනයේදී, ජෙනිෆර් ලෝරන්ස් ඩේවිඩ් වෙබ්ගේ 1960 ගණන්වල නිර්මාණය කරන ලද දියමන්ති Hot Dog මාලය පැළඳ සිටියා. 
 
මෙම මාලය ද වෙන්දේසි කිරීමට නියමිතයි. එය ඩොලර් 25,000 ත් 35,000 ත් අතර මුදලකට අලෙවි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. කෙසේ වෙතත්, සොත්බීස් සහ ලෝරන්ස් අතර මුදල් ගෙවන ලද නිල හවුල්කාරිත්වයක් තිබේද, නැතහොත් වෙන්දේසි ආයතනය ඇගේ මෝස්තර ශිල්පී රයන් හේස්ටිංග්ස් සමඟ තාවකාලික පදනමක් මත කටයුතු කරන්නේද යන්න පැහැදිලි නැති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top