පෙට්‍රල් වලට ඔබ කොච්චර වියදම් කරනවද? ඒ වියදම අඩු කරගන්න පොඩි පොඩි tricks ටිකක් මේ
Thursday, 20 April 2017 - 10:53 | Views - 154,321
1. Full Tank ගහන එක හොදයිද ?

හැමෝම දැකලා ඇති ඉන්ධනහල් වලට ගියාම සමහරු වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්‍රල් ගහනවා.

අපි හැමෝම දන්න දෙයක් දමයි පෙට්‍රල් ඉතා ඉක්මනින් වාෂ්ප වෙනවා කියන එක. ඉතිං ඕනම ද්‍රව්‍යයක් වාෂ්ප බවට පත්වෙනකොට එහි පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට ටැංකිය තුල පීඩනය වැඩි වෙනවා . අධික උෂ්ණ දේශගුණික තත්ව වලදී ආරක්ෂාකාරී තත්වයක් නෙමෙයි මේ. මේක ඉතිං හැමෝම දන්න දෙයක්නෙ..

මීට අමතරවව Full Tank පෙට්‍රල් ගැසීමේ අවාසි තමයි මේ...



පෙට්‍රල් ගහනවිට උපරිම මට්ටමට පැමිනීමෙන් පසු ස්වංක්‍රීයව නවතින ක්‍රමයක් තියන බව අපි හැමෝම දන්නවා.
මෙතනදී වැඩිපුර පැමිණි පෙට්‍රල් ප්‍රමාණයට නැවත හරවා යවන නලය ඔස්සෙ නැවත භූගත ඉන්ධන ගබඩාවට යනවා. නමුත් මතක තබාගන්න මේ ඉන්ධන දැනටමත් ප්‍රධාන මීටරය හරහා ගොස් අවසන්ය..
එනම් ඔබ මේ ඉන්ධන සදහා මුදල් ගෙවා ඇත. ඇත්තටම ඔබ නොදැනුවත්වම ඉන්ධනහල් හිමිකරුට ඉන්ධන වලින්ම ආධාර කර ඇත.

2. තෙල් ගහන්න වෙලාවක් තියනවද ?



හැකිතාක් උදේ වරුවෙ තෙල් ගහන්න. මොකද උදේ වරුවට පොලොව රත්වී නොමැති නිසා භුගත ගබඩා වල පවතින ඉන්ධන වල ඝනත්වය නියම මට්ටමේ පවතී.. නමුත් උෂ්ණත්වය වැඩිවීමත් සමග ද්‍රව ප්‍රසාරනය නිසා ඔබට ලැබෙන්නේ සැබෑම ලීටරයක් නොවේ..
අඩු ඝනත්වය නිසා ඔබට ලීටරයක් මිලට ලැබෙන්නේ ලීටරයකට අඩු ඉන්ධන ප්‍රමාණයකි.

3. ඉක්මනට තෙල් ටික ගහමුද ?



හැමෝම හොදින් දැකලා ඇති ඉන්ධන සපයන කරාමයේ ඉන්ධන මුදාහරින වේගය පාලනය කරන්න පුලුවන්. නැවත මතක් කර ගත්තොතින් පෙට්‍රල් කියන්නෙ ඉතා ඉක්මනින් වාෂ්ප වන දුවයක් කියන එක ඔයාලටම තේරේවි.
 ඉන්ධන මුදා හරින වේගය වැඩි වෙනකොට වාෂ්ප බවට පත්වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩී..
ඔබ වේගයෙන් පෙට්‍රල් මුදාහරින විට මුදල් ගෙවන ලද පෙට්‍රල් වලින් ප්‍රමාණයක් ඔබට නොදැනීම වායුගොලයට එක්වී හමාරය.
හැකි තරම් සෙමින් මුදාහැරීම සුදුසුය..

4. බවුසරයෙන් ආපු අලුත්ම තෙල් ගහමුද ?



ඕනෑම ඉන්ධනහලක ඉන්ධන ගබඩා කරලා තියෙන්නෙ භූගත ටැංකිවලය. ඔය ටැංකි වලට බවුසර වලින් ඉන්ධන ගෙනත් පුරවනවත් දැකලා ඇතිනෙ..
මෙන්න මේ වගේ අවස්ථාවක ඉන්ධනහලට ගියොත් ඉන්ධන නොගසන එක තමයි වඩාත් හොද. මොකද ඉන්ධන ටැංකි වලට පිරවීමේදී ටැංකි වල තැන්පත්ව ඇති කුණුරොඩු කැළඹීමට පත්වෙනවා. මේ වගේ වෙලාවක ඉන්ධන ලබාගත්තොත් ඔබටත් නොමිලේම මේ කුණුරොඩු ඔබේ ඇන්ජිමටද ලබාගැනීමට හැකියාවක් තියනවා..

මෙම ලිපියෙන් මොනයම් දෙයක් හරි අලුතින් ඉගෙනගත්තා නම්.. ලිපිය හොදයි නම් share කරලා අනිත් යාලුවන්ටත් පෙන්නන්න අමතක කරන්න එපා..

උපුටාගැනීම අන්තර්ජාලයෙනි...

   
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top