අවංක ආදරයක ලක්ෂණ මෙන්න
Thursday, 20 April 2017 - 8:52 | Views - 53,009

දිගුකල් පවතින ආදර සම්බන්ධතාවයකට මුලික පදනම වන්නේ දෙදෙනා තුළම ඇති අවංකභාවයයි. දෙදෙනා තුලම ඇති ලෙන්ගතුකම හා අවංකත්වය සාර්ථක ආදර සම්බන්ධතාවයකට මගපාදනවා.
1.එකිනෙකා අතර ඇති සන්නිවේදනය
සර්ථක සම්බන්ධතාවයක තිබිය යුතු හොදම ලක්ෂණ අතර උඩින්ම තියන වැදගත්ම ලක්ෂණය තමයි දෙදෙනා අතර ඇති යහපත් සන්නිවේදනය. ගොඩාක් සබඳතාවල නැත්තේමද ඒ දෙයයි. ආදර සබදතාවකට පමණක් නොව ඕනැම සබදතාවකදී එහි සාර්ථකත්වයට බලපාන්නේ යහපත් සන්නිවේදනයයි. තමන් කරන දෙය පිළිබඳ සහකරුවාව දැනුවත් කර තිබෙනවා නම් ඇති වීමට ඉඩ තිබෙන සැක සංකා බොහොමයක් මඟ හරවා ගැනීමට පුළුවන්.
සමහරුන් තම සහකරුවා බනීවි යැයි බියෙන් කිසිවක් ප්රකාශ නොකර සිටියි. නමුත් ඔහු හෝ ඇය එය පසුව දැන්ගත් පසු සැක සංකා මතුවේ. ඔබව තේරුම්ගත් අයෙකු සමග ඔබ සිටී නම් ඔබ කරන කියන දේට ඔහු හෝ ඇය අකමැති වුවත් එයට ඉඩ දේ. ඔවුන් බලාපොරොත්තුවන්නේ දැනුවත් කිරීම පමණී.
2. එකිනෙකාව ශක්තිමත් කරගැනීම
සාර්ථක සම්බන්ධතාවක තවත් ලක්ෂණයක් තමයි එකිනෙකාව අගය කරගැනීම. සහාකරුවා කරන පොඩි දෙයකට වුවද නිසි අගය කිරීමක් ලැබෙනවා නම් ඔහු හො ඇය කෙතරම් සතුටු වේද...? පොඩි දෙයක් ලොකුවට වර්ණනාකර මුරුංගා අත්තේ තැබීමක් නොවෙයි මෙයින් අදහස් කරන්නේ. අනෙකාව ධෛර්යමත් කරමින් උනන්දු කරමින් ලගින් සිටිමින් ශක්තියක් වනවා නම් එය සාර්ථක සබදතාවක හොද ලක්ෂණයකි. දෙදෙනාම එකිනෙකාට ඇති හැකියාවන් පිළිබඳ අවබෝධයකින් සිටී නම් එකිනෙකාව ධෛර්යමත් කරමින් උදව් කරගනිමින් එකිනෙකාට ශක්තියක් වීමට පුලුවන්. ඔබගේ අවංක අගය කිරීම හා අදහස් දැක්වීම තම සහකරුවා තවදුරටත් ධෛර්යමත් කිරීමට හේතුවක් වෙනවා.
3. දෙදෙනාටම දෙදෙනා අවංක වීම
සාර්ථක සම්බන්ධතාවකට අවංකබව අත්යාවශ්යයම කරුණක්.තම සහකරුවාට අවංකවීම විවෘත වීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය. ඔහු හෝ ඇයට බොරු කියමින් තමන්ට වුවමනා දෙය කර ගැනීම නොකළ යුතුය. ඔබේ සහකරුවා ඔබට එක දෙයක් පවසා වෙනත් දෙයක් කරයි නම් ඔබ සිටින්නේ හොද සබදතාවයක් තුල නොවේ. තම සහකරුවාට බොරු කීමෙන් හා එවා බොරු බව දැනගැනීමෙන් එම සබදතාවය බිදවැටීමේ අවදානමක් ඇත. එසේ බොරු කීම නිසා බිදවැටුණු සබදතා කොපමණ අප දැක ඇතිද. අවංක සබදතාවයකදී කොපමණ කොතරම් කටුක සත්යයක් වුවත් තම සහකරුවාට මෘදුව තේරුම් කර දීමට අනෙකාට හැකියාව තිබිය යුතුය.
4. අනෙකාට ප්රමුඛතාවය දීම
අවංක ආදරයකට වැදගත්ම ලක්ෂණයක්. ඔබගේ සහකරුවා ඔබට දුරකතන ඇමතුමක් දෙන බව පවසා එය නොදී සිටියිද? ඔබ අමතන විට ඔහු හො ඇය නොකර සිටියිද? කරන්න බැරිවු විට පසුව හෝ ඉක්මණින් කරන්නේ නැද්ද? ඔබට වඩා එකේ වැඩ වලට ප්රමුඛතාවය දෙයිද? ඔබ මුණගැසෙනවාට වඩා යහළුවන් සමග ඔහු හෝ ඇය කාලය ගත කරයිද? ඔබ ගැන සොයා බැලීම අඩු කර ඇත්ද? මේ ප්රශ්න වලට පිලිතුර ඕව් යන්න නම් එම සබදතාවය ගැන නැවත වරක් සිතා බලන්න. එය ඔබට හරි යන මගුලක් නොවනු ඇත.
තමන්ගේ සහකරුවාට ප්රමුඛතාවය දීම අවංක ආදර සම්බන්ධතාවයක මූලික ලක්ෂණයයි. අවංක සහකරුවන් තම ආදරය තුල තමන්ගේ කාර්යභාරය පිලිබද හොද අවබෝධයකින් කටයුතු කල යුතුය. තමන්ගේ කැපවීම යුතුකම තම ආදර සම්බන්ධතාවය වෙනුවෙන් කල යුතුය. එවිට ඔබ නිතැතින්ම තම සහකරුවාට ප්රමුඛතාවය ලබාදී ඇත.
5. කේන්තිය සහ බැනීම
සමහර වේලාවට ඔහු හෝ ඇය කරන දේවලට කේන්ති යන අවස්ථා අනන්තවත් තිබේ. නමුත් අවංක ආදරය සබදතාවක නිරත වී සිටීනම් එකිනෙකාට චොදනා කරමින් බැන ගන්නේ නැත. තමන් සිටින්නේ කොතනද කියාවත් අමතක වී තමන්ගේ සහකරුවා හෝ සහකාරීයගේ ඇගට කඩගෙන පනින්නේ නැත. අපි හැමෝටම කේන්තියැම ස්වාභාවිකය. නමුත් එය නියමාකාරයෙන් ඔහු හෝ ඇය වෙත මුදාහරිනවා නම් ඔබ ඉන්නේ අවංක ආදරයකය. ඔහු හෝ ඇය අවංකව ආදරය කරයි නම අනෙකා මුහුණ දුන් අවස්ථාව තමන්ටද මුහුණ දෙන්න වුවානම් තමන් හැසිරෙන විදිය ගැන සිතා එය තේරුම්ගැනීමට උත්සහ කරයි.
6. දෙදෙනාගේ අරමුණු බොහෝවිට සමානයි
සමහරුන් කියන පරිදි ගොඩක් ආදරයෙන් ඉන්න දෙදෙනෙකුගේ අදහස් හා වුවමනාවන් බොහොවිට එක සමානයි. එය ඔප්පු කිරීමට කිසිදු විද්යාත්මක සාක්ෂියක් නොමැති වුවත් එම කරුණ සත්යකි. දෙදෙනෙකු අවංකවම එකිනෙකාට ආදරය කරනවා නම් ඔවුන් දෙදෙනාට ඇත්තේ සමාන අරමුණු හා අදහස්ය. උදාහරණයකට එක් අයෙකුට අවශ්ය විවාහ වීමට පෙර හොද රැකියාවක ස්ථාවර වීමට නම් ඒ සදහා අනෙකාට පැවසීමට අවශ්ය නොවේ. අනෙකාද නිතැතින්ම ඒ සදහා සුදානම්වේ. බොරු කීමට, බොරු අරමුණු පෙන්වා අනෙකාව නොමග යැවීමක් අවංක ආදරයක් තුල නැත.
7. ඔබේ අංක එක ආදරයයි
අවංක ආදර සම්බන්ධතාවක අවසාන නමුත් වඩා වැදගත්ම ලක්ෂණය නම් ඔබගේ ජිවිතයේ ප්රධානතම ප්රමුඛතාවය ඔබගේ ආදර සබදතාව බවට පත්වීමය. ඔබගේ ජිවිතයේ සියලු අශාවන් ආදරය වෙනුවෙන් කැපකරන්නට කියා මෙහි පවසන්නේ නැත. නමුත් ජිවිතයේ වැඩි ප්රමුඛතාවයක් ආදරය වෙනුවෙන් ලබදෙන්න. සමහර විට ඔබට ආදරය වෙනුවෙන් යම් යම් කැපකිරීම කරන්නටද සිදුවේ. එය ඔබ දෙදෙනගේ අන්නොන්ය අවබෝධය මත සිදුකරන්න.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article