Jennifer Frechette නම් මෙම 44 හැවිරිදි නාට්ය කලාව උගන්වන පාසල් ගුරුවරිය, වයස අවුරුදු 15ක් වන එම පාසලේම සිසුවෙක් සමඟ ලිංගිකව එක්වීමට සැරසෙමින් සිටියදී පාසලේ මුරකරුවන්ට හසුවී ඇත. ඔවුන් දෙදෙනා ඇඳුම් මාරුකරන කාමරයේ ඇඳුම් රාක්කයක් පිටුපස මෙට්ටයක් දමාගෙන මෙසේ හැසිරීමට සුදානමින් සිට ඇත. තවද ඒ අසල තිබී භාවිතා නොකරන ලද උපත් පාලන කොපුද ඔවුන්ට හසුවී ඇත.
මෙම සිසුවා පොලිසියට පවසා ඇත්තේ මීට පෙරද පාසල් කාමර තුල ඔවුන් විවිධ ආකාරයේ ලිංගික හැසිරීම් සිදුකල බවයි.
ඇයගේ රැකියාවද මේ වන විට තහනම් කර ඇති අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයට උසාවියෙන් ඩොලර් 100,000ක ඇප මුදලක් හා නැවත ඊලඟ මාසයේ උසාවියේ පෙනි සිටින ලෙසද නියම කර ඇත.
මෙම සිද්ධිය වාර්තා වෙන්නේ ඇමරිකාවේ Connecticut නම් ප්රාන්තයෙනි.
නීතිඥයන් වැඩි දුරටත් පවසා ඇත්තේ දෙමව්පියන් දරුවන් පිළිබඳ මීට වඩා සැලකිලිමත් වියයුතු බවයි.