'' මං බේරුණේ පුරුවේ පිනකට.. තව පොඩ්ඩෙන් කොස් කන්න තමයි මට වෙන්නේ.. '' ගැමියාගේ කොස් කෑල්ල අන්තිමේ වෙනස් වෙලා මාර හුටපටයක්..
Friday, 03 October 2025 - 13:28 | Views - 340
 
කපටි ගැමියකුගේ උගුලකට හසුවී පොලිස් කූඩුවේ ලගින්නට සිදුව රැකියාවද අහිමි වීමේ අවදානමකින් තමන් ගැලවුණේ පෙර පිනකින් යැයි බස් රථ කොන්දොස්තරවරයකු සිය හිතවතුන්ට පවසන්නේ ‘කොස් කෑල්ලක්’ යැයි කියමින් කොස් ලෑලි තොගයක් බස් රථයකින් රැගෙන යාමේ සිදුවීමක් විස්තර කරමිනි.
 
එම පෞද්ගලික බස් රථය ප‍්‍රදේශයේ දුෂ්කර ගම්මානයක රාත‍්‍රි කාලයේ නතර කොට අලූයම හතරට පමණ කොළඹ බලා ගමන් ආරම්භ කරනු ලබයි. 
 
රියදුරු සහ කොන්දොස්තරවරයා පිට ප‍්‍රදේශයක පදිංචිකරුවන් වුවත් බස් රථය ගමෙන් ගමන් ආරම්භ කිරීම සහ නැවත ගමට පැමිණ රාත‍්‍රි කාලයේ බස් රථය ගමේ නතර කිරීම හේතුවෙන් ඔවුහු දෙදෙනා ගමේ පාසල් දරුවන් ඇතුළු කොයි කාගේත් හිතවත්හු.
 
මෙදින බස් රථය ආරම්භ කිරීමට පැය භාගයකට පමණ පෙර බස් රථය අසලට (අලු‍යම 3.30ට පමණ) පැමිණි ගමේ පදිංචි 34 හැවිරිදි තරුණයකු කොන්දොස්තර මහතා හමුවී පැවසුවේ ‘අයියේ කොස් කෑල්ලක් තිබෙනවා මට මේක වරකාපොලට අරගෙන යන්න පුළුවන්ද?” කියාය. ‘ආ පුළුවන්. ඇතුළට දාන්න බැරි ලොකු එකක් නම් අන්න ඩිකිය ඇරලා තියෙනවා ඒකට දාන්න.” යැයි පවසා තිබේ.
 
කොස් කෑල්ල ඩිකියට දැමිමෙන් පසු බසයට නැගුණු මගියාට අදාළ ගමනට ලදු පතක් (ටිකට් එකක්) ලබා දුන් අතර සුපුරුදු පරිදි බස් රථය ගමන ආරම්භ කරන ලදි. රථය වරකාපොලට ළඟා වෙන විට පෙරවරු 7.30ට පමණ වී තිබිණි. බස් නැවතුමට ආසන්නයේ තමන් රථයෙන් බසින බව සදහන් කළෙන් බස් රථය මගියා පැවසු පරිදි මාර්ගය අයිනේ තේ කඩයක් අසල නතර කරනු ලැබීය. 
 
බසයෙන් මගියා මෙන්ම කොන්දොස්තර ද බැස මඟියාට කොස් කෑල්ල දීම සදහා රථයේ පිටුපසට විත් කොන්දොස්තරවරයා ඩිකිය විවෘත කළ පසු මඟියා එහි දැමු කොස් කෑල්ල පිටතට ගත්තේ කොන්දොස්තරවරයා අන්ද මන්ද කරවමිනි. 
 
ගෝනි මල්ලක තිබු ලෑලි වැනි යමක් පිටතට පෙනෙන්නට තිබු අතර ‘මොනවද බන් ඔය ගෝනියෙන් ඔතා තියෙන්නේ. කොයි දැන් උඔ අරගෙන ආව කොස් කෑල්ල.” යැයි විමසා ඇත. ‘මේක තමයි කොස් කෑල්ල. මම ගේන්නේ කොස් ලෑලි කිව්වා නම් ඔයා කීයටවත් මට මේක බස් එකේ ගේන්න දෙන්නේ නෑනේ.
 
ඒකයි මම කිව්වේ කොස් කෑල්ලක් කියලා.” ‘යකෝ තෝ නයා කන්ට වටින එකෙක්. බැරිවෙලා හරි පොලිසිය මඟදී බස් එක චෙක් කළානම් තව පොඩ්ඩෙන් උඔත් ඉවරයි මමත් මගේ රක්ෂාවත් ඉවරයි. මාස ගණනක් හිරේ තපින්ටයි වෙන්නේ. විගහට ඕක අරගෙන දුවපිය.’ යැයි පවසා කොස්දොස්තරවරයා විගස ගොස් රථයට ගොඩවී නැවත ගමන පිටත් විය.
 
දෙයියෝ සාක්කි.. 
 
 
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ඇය ඇත්තටම බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත චරිතයක්.ශෙනායා වැන්හොෆ්, මේ දවස්වල හිරු...
Hiru Tv Blog
කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යවලත් නිතරම කාගේත් අවධානය දිනාගන්නා, තමන්ගේම අනන්‍යතාවයකින්...
Hiru Tv Blog
ලෝකයේ මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පිරිසක් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි "Eurovision...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top