අඩු කොලිටියට තිත වැටෙන්නයි යන්නේ.. සහතිකයත් අනිවාර්යය වෙයි..
Friday, 03 October 2025 - 11:03 | Views - 155
 
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නැවත භාවිත කළ හැකි සියලුම ප්ලාස්ටික් බෝතල් (reusable plastic bottles) සහ පොලිමර් පාදක ළදරු කිරි දෙන බෝතල් (polymer-based feeding bottles) 2026 අප්‍රේල් 01 වන දින සිට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLS) සහතිකය දැරීම අනිවාර්ය කර තිබෙනවා.
 
ඔක්තෝබර් 01 වන දින ප්‍රකාශයට පත් කරන ලද මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව, අවශ්‍ය SLS ප්‍රමිතීන්ට අනුකූල නොවී, නිල සහතිකකරණ සලකුණ ප්‍රදර්ශනය නොකර, එවැනි බෝතල් නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම හෝ විකිණීම සම්බන්ධයෙන් නිෂ්පාදකයින්ට, ආනයනකරුවන්ට, බෙදාහරින්නන්ට සහ වෙළඳුන්ට ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වනු ඇති.
 
මෙම නියෝගය ප්‍රධාන කාණ්ඩ දෙකක් ආවරණය කරයි. එනම්, පානීය ද්‍රව රැගෙන යාම සඳහා නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සහ පොලිමර් ද්‍රව්‍යවලින් සාදන ලද ළදරු කිරි බෝතල් සඳහා වෙන් වෙන් වූ පිරිවිතරයන් හඳුන්වා දී තිබෙනවා.
 
මෙම පියවර මඟින් පාරිභෝගික ආරක්ෂාව ශක්තිමත් කිරීම, අඩු ගුණාත්මක ප්ලාස්ටික් භාණ්ඩ වෙළඳපොළට ඇතුළුවීම වැළැක්වීම සහ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කිරීම අරමුණු කරන බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top