විසි අටේ කත වාට්ටුවේ අයෙක් බලන්න ඇවිත් , කලිසමේ වාටියේ පිරෙන්නම තිබු දෙයින්, අන්තිමේ ගිනි කෙළියක් වෙලා..
මේ කියන්න යන්නේ , අමුතුම තැනක සඟවා ගෙනා අමුතුම විදිහේ දෙයක් ගැන කිවුවොත් හරියටම හරි..
කළුතර බන්ධනාගාරයට ඉතා සූක්ෂම ලෙස කලිසම් වාටියේ සඟවා හෙරොයින් මත්කුඩු ලබාදීමට පැමිණි කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවක සහ තවත් පුද්ගලයකු බව පොලිසිය සඳහන් කළා.
බස්නාහිර පළාත් බුද්ධි නිළධාරින්ට ලද තොරතුරක් මත සැකසහිත ත්‍රීවිල් රථය පරීක්ෂා කිරීමේදී බෑගයක තිබූ කලිසමක වාටියේ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6 ක් ,ජාවාරම සඳහා යොදාගත් ජංගම දුරකථන 2 ක් සහ ත්‍රිරෝද රථය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.