ඇය දුක්මහන්සියෙන් එවූ මුදල්වලට ඔහු හැමදාම කළේ මෙහෙම වැඩ.. බිරිඳට හැමදාම වංචා කළ සැමියාට අවසානයේ කළකම් පළදෙයි..
Tuesday, 30 September 2025 - 16:46 | Views - 97
ඔහු සැමවිටම බිරිඳට කළේ වංචාවයි. කොහොම වුණත් ඇය දුක්මහන්සියෙන් හරිහම්බ කරන මුදලට වංචා කරන්න ගිය සැමියාට මේ නම් සිද්ධවුණේ හරිම අකරතැබ්බයක්.

රට සිටින භාර්යාවගෙන් මාටියා ගසා අලු‍තින් ඉදිකරනු ලැබූ නිවසේ වහලේ දැවවලට අඩු වියදමින් දැව ආරක්ෂක ද්‍රව්‍ය ගාන්න ගොස් අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව පුවතක් දකුණේ කුරුඳුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබුණා.

මිනිහා බේබද්දෙක්. භාර්යාව රට යාමටත් එක හේතුවක් වූයේ මෙය‍යි. හරි හම්බ කරන දේවලින් වැඩි හරියක්ම බීමට යට කළ නිසා ඔහුට හරි හමන් ගෙයක් දොරක්වත් සාදා ගැනීමට නොහැකි වුණා. මෙයට විසඳුමක් ලෙස භාර්යාව විදෙස්ගත වෙනවා. ඇය ඉතුරු කරගත් දෙයින් ගෙදර වියදමට අමතරව නව නිවසක් ද ඉදිකිරීමට මුදල් එව්වා. සියල්ල ගාණට මිම්මටයි. ඔහුටද නිවසේ වියදමට මුදල් එව්වේ ද පරිස්සමටයි. ඒ ඇයගේ සොහොයුරාගේ නමටයි.

මුලදී මුලදී ඔහු මෙයට විරෝධය පළ කළ ද එය පුස්සක්වී ගිය නිසාම ඔහුට කරබාගෙන සිටිනු හැර වෙනත් විකල්පයක් නොවුණා. එහෙත් ඉඩ ලද සෑම අවස්ථාවකදීම ඔහු මාටියා ගැසීම අත්නොහළේය. ඒ නිවසට රැගෙන එන බඩු බාහිරාදියෙන්.

අලු‍තින් ඉදිකරනු ලැබූ නිවසේ වහලයට අවශ්‍ය ලීවල ආරක්ෂාව සඳහා දැව ආරක්ෂක ගෑ යුතු බවට වඩු බාස්උන්නැහේ කීවා. එහි වර්ගය ද බාස් පැවසුවා. එය ඉතා මිල අධික බවද කිව්වා. මෙය තමාට හොඳ අවස්ථාවක් බව සිතාගත් ඔහු දැව සඳහා වැඩි මිලක් ඇති දැව ආරක්ෂක වෙනුවට නිකන් මෙන් ගත හැකි කළුතෙල් ගැන ඔහුට සිහියට ආවා. ඒත් භාර්යාවට යවන බිලෙහි සඳහන් වනුයේ කලු‍ තෙල් නොව දැව ආරක්ෂකවලට ගිය වියදම ලෙසයි.

ඔහු කලු‍ තෙල් ගෙන ඒමට සිය පාපැදියෙන් ගියේ ලීටර් පහේ ප්ලාස්ටික් ලොකු බෝතලයක් ද සහිතවයි. ඉතාම අඩු මිලට කලු‍තෙල් මිලදී ගත් ඔහු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසලකින් දැව ආරක්ෂක ද්‍රව්‍ය මිලදී ගත් බවට බිලක් ද ඉල්ලා ගත්තා. ලාභය බොහෝ ය. මාටියා පාර සරුය. ඒ නිසා එන අතරමග පුරුදු තිත්පොළෙන් අඩියක් දෙකක් ගසාගත් ඔහු නිවසට ඒමය පා පැදියට ගොඩවුණා. ඒ මට හැකි වූයේ ටික දුරක්.

පාර හරහා පැන්න බල්ලකු බේරා ගැනීමට ගිය ඔහු පාපැදියෙන් වැටුණේ කළු තෙල් බෝතලය ද තමාගේ ඇඟට වැටීමෙන්. කළු තෙල් බෝතලයේ පියන ගැලවී ඔහු කළු තෙල්වලින් නැහැවී ගියා. ඇඳ සිටි වස්ත්‍රද කළුතෙල්වලින් තෙත බරිත වුණා. සුදු පාටට හුරු අලු‍ත් සරම සහ කමීසය ද කළුතෙලින් නැහැ වුණා. එම ඇඳුම් දෙක ගැනීමට නම් තමා භාර්යාවගෙන් මාටියා ගැසූ මුදල මෙන් දෙතුන් ගුණයක් වියදම් කිරීමට සිදුවුණා. ඔහුට තරු පෙණුණා.
Share This Article
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top