පස් කන්දට දිවි පිදූ ජීවිත ගැන නූලෙන් බේරුණු මිතුරා කී දේ..
Tuesday, 30 September 2025 - 10:18 | Views - 234
 
මාව­නැල්ලේ පිහිටා ඇති අලු­ත්නු­වර දැඩි­මුණ්ඩ දේවා­ල­යට යන ප්‍රධාන මාර්ගයේ මාණි­ක්කාව ප්‍රදේ­ශයේ නි‍ෙව­සක් ආස­න්නයේ බැම්මක් බඳි­මින් සිටි කම්ක­රු­වන් පිරි­සක් මතට පස් කන්දක් කඩා වැටීම නිසා ඊයේ පෙර­ව­රුවේ තිදෙ­නෙක් එයට යට වී මිය­ගොස් ඇති බව මාව­නැල්ල පොලී­සිය පව­සයි.
 
බැම්ම බැඳී­මට කම්ක­රු­වන් සිවු දෙනෙකු සිට ඇති අතර එක් කම්ක­රු­වෙක් වතුර පිපා­ස­යක් හේතු­වෙන් එළි­යට ගොස් පැමි­ණෙ­මින් සිටි­යදී මෙම අවා­ස­නා­වන්ත ඛේද­වා­ච­කය සිදු වී තිබුණි.
 
පසුව ප්‍රදේ­ශ­වා­සීන්, පොලී­සිය, යුද හමු­දාව එක්ව බැකෝ යන්ත්‍ර­යක්ද උප­යෝගි කර ගනි­මින් පස් ඉවත් කර කම්ක­රු­වන් සොයා ගන්නා විට ඔවුන් මිය ගොස් සිට ඇත.
 
මෙම බැම්ම ඉදි­ක­ර­මින් සිටි ස්ථාන­යට ඉහ­ළින් අලු­ත්නු­වර දේවා­ල­යට සහ අලු­ත්නු­වර නග­ර­යට යන ප්‍රධාන මාර්ගය පිහිටා ඇති අතර මෙම සිදු­වී­මෙන් පසුව එම මාර්ග­යද තාව­කා­ලි­කව වසා මෙම පිරිස සොයා ගැනී­මට මෙහෙ­යුම් කඩි­න­මින් ආරම්භ කර තිබුණි.
 
කෙසේ වෙතත් මෙම බැම්ම ඉදි­ක­ර­න්නට කොන්ත්‍රාත් පද­නම මත මෙම කට­යුත්ත භාරදී තිබුණු අය එම නි‍ෙවසේ අයි­ති­කරු වන අතර ඔහු කෑගල්ල පොලී­සියේ සේවය කරන නිල­ධා­රි­යෙකි.
 
ඔහු මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් මෙසේ පැවැ­සීය.
 
ඩබ්ලිව්.ඩබ්ලිව්. ප්‍රේම­ති­ලක.
 
“මෙතන පස් කඩා වැටෙන නිසා බැම්මක් ගහන්න ඕනෑ කියලා මම කල්පනා කරලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. මේ ආස­න්නයේ ස්ථාන­යක වැඩක් කර­මින් හිටියා බාස්ලා කිහිප දෙනෙක්. ඒ අයට මම කතා කරලා කීවා මගේ වැඩක් තියෙ­නවා කරලා දෙන්න පුළු­වන්ද කියලා. ඊට පස්සේ කරලා දෙන්නම් කියලා පොරොන්දු වුණා. මම වැඩට ගියපු වේලා­වක ඇවිත් බලලා ලක්ෂ දෙකයි පන­ස්දා­හ­කට කරලා දෙන්නම් කියලා පොරොන්දු වෙලා තිබුණා. මම කීවා දෙකයි හත­ළි­හට කර­මුද කියලා. ඊට පස්සේ හා කියලා කොන්ත්‍රාත් පද­නම මත වැඩේ භාර ගත්තා.
 
ඊට පස්සේ කානු කප­මින් සිටි­යදී සද්ද­යක් ඇහුණා. බලද්දි සම්පූ­ර්ණ­යෙන් කානුව වැහිලා. ඊට පස්සේ ළඟ අහල පහල අයට, යාළු­වන්ට කතා කරලා බැකෝ ගෙනත් මේ අය ගොඩ ගත්තා. නමුත් අවා­ස­නා­වන්ත ලෙස ඔවුන් මෙලොව හැර ගිහින් තිබුණා '' යැයිද ඔහු පැවැ­සීය.
 
මිය­ගිය අයගේ දේහ­යන් මේ වන විට මාව­නැල්ල රජයේ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බ­න්ධ­යෙන් මාව­නැල්ල පොලී­සිය වැඩි­දුර පරී­ක්ෂණ සිදු කරයි.
 
මෙලෙස මිය­ගිය අය අර­ණා­යක ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වන් වන අතර ඔවුන් වන්නේ වයස අවු­රුදු 63ක් වන පට්ට­ගම ගල්අ­තර ලිපි­නයේ පදිංචි පී.ජී. ජින­සෝම සහ වයස අවු­රුදු 40ක් වන ලලිත් ප්‍රියන්ත කුමාර සහ වයස අවු­රුදු 47ක් වන පී. සංජීව නන්ද­සිරි යන අයයි.
 
මේ සියලු දෙනාම එකම ගම්මා­නයේ අය වන අතර සියලු දෙනාම විවා­හ­ක­යන් බව පොලී­සිය පව­සයි.
 
කෙසේ වෙතත් වතුර පිපා­ස­යක් නිසා එළි­ම­හ­නට ගොස් සිටි මාව­නැල්ල කහ­කො­ටුව පදිංචි,
 
යු.ඩබ්. ජය­ම්පති ජය­රත්න යන අය අද­හස් දක්ව­මින් මෙසේ පැවැ­සීය.
 
“අපි දවස් හත­රක් තිස්සේ වැඩ කර­මින් සිටියා. මමයි සංජි­වයි අපි ටික ඊට පස්සේ කානු කප­මින් සිටි­යදී ඉවුර ඇවිත් තුන්දෙනා යට වුණා. මම කානුව අස්සේ ඉඳලා වතුර බොන්න උඩට ආවාට පස්සේ තමයි මේ සිදු වීමට මුහුණ දුන්නේ” යැයිද පැවැ­සීය. 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top