මේ අලි පැටවාගේ වේදනාව කාටත් නොතේරුණාද..? ඔත්පල වුණු මවගේ උණුසුම සොයා යන මාස 18ක අලි පැටවෙකු ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න..
Saturday, 27 September 2025 - 17:17 | Views - 113
මව්පිය බැඳීම සදාකාලිකයි..

එය මේ මිහිතලයේ හුස්ම ගන්න සෑම ජීවී ඛාණ්ඩයටකටම පොදු වූවක්. මේ කියන්න යන්නේත් අන්න ඒ බැඳීම ගැන ඇසෙන තවත් අපූරු කතාවක්.


මේ කතාව ඇසෙන්නේ හොරොව්පතාන නාම්බාකඩ ප්‍රදේශයෙන්. එම ප්‍රදේශයේ වෙල් යායක කෙනෙරක් රෝගාතුර ව අසාධ්‍යව ඇද වැටී සිටින බව ගම්වැසියන් දැක තිබෙනවා.
ඇගේ මාස 18 ක පමණ අලි පැටවා ද ඇය අසළම ගැවසෙමින් සිටිනවා.
සිය මව පත්ව ඇති තත්ත්වය නොතේරෙන අලි පැටවා ඇයගෙන් කිරි උරා බීමට උත්සාහ දැරීම, බොහෝ දෙනා සංවේදී වූ දසුනක් වුණා.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් මෙම කෙනර පත්ව ඇති තත්වය පිළිබඳ වනජීවී නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව කෙනෙරට ප්‍රතිකාර කිරීම සඳහා පැමිණි අනුරාධපුර පණ්ඩුලගම වනජීවි පශුවෛද්‍ය උදේශිකා මදුවන්ති මෙනවිය ඇතුලු කණ්ඩායම ප්‍රතිකාර කටයුතු සඳහා සූදානම් වුවද අලි පැටවාගේ නොසන්සුන් භාවය ඊට ගැටලුවක් වුණා.

ඒ අනුව කෙනෙරට ප්‍රතිකාර කිරීමට සිදු වූයේ පැටවා නිර්වින්දනය කිරීමෙන් අනතුරුවයි.
පසුව කෙනෙරට ප්‍රතිකාර සිදුකල අතර වෛද්‍යවරිය පැවසූවේ කෙනෙරගේ දකුණු පාදයේ අස්ථි බිදීමක් සිදුව ඇති බැවින් දිගු දුරක් ඇවිදීමට නොහැකි වීම නිසා, අවශ්‍ය තරමේ ආහාර නොලැබීම මෙම තත්ත්වයට හේතුව බවයි.

පසුව, අලි පැටවාගේද ආරක්ෂාව හා සෞඛ්‍ය තත්වය පිළිබඳව සලකා බලා අලි පැටවා අනුරාධපුර පණ්ඩුලගම පශුවෛද්‍ය කාර්යාලය වෙත රැගෙන යාමට වනජීවි නිළදාරීන් කටයුතු කළා.

එම අවස්ථාවේදීත් එම ස්ථානයේ සිටි පිරිස සංවේදී වුණේ මව ගෙන් සමුගැනීමට සිදුවූ අලි පැටවාගේ වේදනාබර හඬනැගීමත් සමගයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top