වන්දනා නඩයක් රැගෙන ගිය වෑන් රථයක් බිහිසුණු අනතුරකට ලක්වෙයි.. පිරිසක් රෝහලේ..
මේ ඇසෙන්නේ තවත් එක් කණගාටුදායක ආරංචියක්.
මෙහෙම අනතුරකට මුහුණ දෙන්න වේවි කියලා සතුටෙන් ඒ ගමන ගිය ඔවුන් කිසිවෙකුත් හිතන්නවත් නැතුව ඇති.
මහියංගන ගිරාදුරුකෝට්ට ප්‍රධාන මාර්ගයේ සොරබොර 1 කනුව ප්‍රදේශයේ දී ඊයේ (26) රාත්‍රි වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා. අදාළ වෑන් රථයට ගසක ගැටිමෙන් 11 දෙනකු තුවාල ලබා මහියංගන රෝහලට ඇතුළත් කළ බව මහියංගන පොලිසිය පවසනවා.
බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේ පදිංචි පිරිසක් අනතුරින් මෙසේ තුවාල ලබා ඇතයි පොලිසිය සඳහන් කරනවා.
තුවාලකරුවන් අතර වයස අවුරුදු 10 ක කුඩා දරුවෙක් ඇතුලු පිරිමි පුද්ගලයන් පහක් සහ කාන්තාවන් හයක් සිටින බව ද පොලිසිය පවසනවා.
අනතුරින් වෑන් රථ රියැදුරු ද බරපතළ තුවාල ලබා තිබෙනවා.
මොවුන් අනුරාධපුර වන්දනාවේ ගොස් ආපසු බදුල්ල බලා ගමන් කරමින් සිටියදි වෑන් රථයේ රියැදුරුට නින්ද යාම නිසාවෙන් මෙසේ වෑන් රථය මාර්ගයේ ඉවතට පැන විශාල ගසක ගැටී තිබුණා.
තුවාලකරුවන් වෑන් රථය තුල සිරවී සිටියදි මහත් වෙහෙසක් දරා පොලිස් නිළධාරින් සහ අවට උදවිය එක්ව ඉවතට ගෙන මහියංගන රෝහලට ඇතුළත් කරනු ලැබූ තිබුණා.
අනතුරින් වෑන් රථයට දැඩි ලෙස අලාභහානි වී ඇති අතර තුවාලකරුවන් ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.