අලුත් වෙන්න යන ගමනේ , තවත් අදියරක් අද රාජ්‍ය සේවකයන් ට..
රජයේ ඩිජිටල්කරණ වැඩසටහන සහ AI තාක්ෂණ භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් පළාත් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවෙහි පළමු පළාත් වැඩසටහන අද (26) දින ප.ව 1.30ට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම වැඩසටහන මධ්‍යම පළාත් සභාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ රජයේ අනෙකුත් ආයතනවල සියලුම විධායක නිලධාරින්ගේ සහභාගීත්වයෙන් රජයේ ඩිජිටල්කරණ සැලසුම් පැහැදිලි කිරීම සහ AI තාක්ෂණ භාවිතය පිළිබඳව නිලධාරීන්ගේ සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණින් නිර්මාණය කර තිබෙනවා.
මෙහිදී ඩිජිටල්කරණය සහ AI තාක්ෂණය පිළිබඳව රජයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් 6ක් කොළඹ කේන්ද්‍ර කරගනිමින් මේ වන විට පවත්වා ඇති අතර, ඒ සඳහා නිලධාරීන් 4000කට වැඩි පිරිසක් සහභාගී වී තිබෙනවා.
එමෙන්ම සියලු පළාත් ආවරණය වන පරිදි පළාත් මට්ටමින් මෙම වැඩසටහන පවත්වා රජයේ ඩිජිටල්කරණ සැලසුම පිළිබඳ රාජ්‍ය නිලධාරියාගේ කාර්යභාරය සහ AI තාක්ෂණය රජයේ කටයුතු සඳහා භාවිතයට යොදා ගැනීම පිළිබඳව කොළඹින් බැහැර සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරිමට සැලසුම් කර තිබෙනවා.
ඊට අදාළව මෙම වැඩසටහන ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) හවුල්කාරිත්වයෙන් සංවිධානය කර තිබෙනවා.