ආදරණීය කලාකරුවා , ජීවන රඟ මඩලෙන් අද අවසන් ගමන් යයි.. (Photos)
පසුගිය (23) වැනිදා මියගිය රංගන ශිල්පී නලීන් ප්රදීප්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(25) සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අද සවස 5.00 මත්තේගොඩ පොදු සුසාන භූමියේදී යි.
රෝගාතුරුව ප්රතිකාර ලබමින් සිට ඉකුත් 23 වැනිදා ඔහු මිය යනවිට 56වන වියේ පසුවූණා.
දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වූ ඔහු කලා ක්ෂේත්රයේ නොමැකෙන නාමයක් තැබූ අයෙක්.
අභාවප්රාප්ත නලීන් ප්රදීප් උඩවෙලගේ දේහය මේ වනවිට ඔහු ජීවත්ව සිටි මත්තේගොඩ, ප්රසන්න උයනේ, දෙවන පටුමගේ අංක 193/18 දරන නිවසේ තැන්පත් කර ඇති අතර, ඔහුට අවසන් ගෞරව දැක්වීමට කලාකරුවන්, ප්රදේශවාසීන් ඇතුළු බොහෝ පිරිසක් පැමිණෙමින් සිටින බවද වාර්තා වනවා.