නාඋයන ආරණ්‍ය සේනාසනයේ අනතුරින්, හිමිවරුන් හත් නමක් අපවත් වෙති..
නිවන සොයා ගිය ඔවුන්ට මෙවන් විපතක් වෙයි කියා කිසිවෙක් හීනෙකින්වත් සිතන්නට නෑ.
මැල්සිරිපුර පන්සිළුගම නාඋයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරින් අපවත් වූ හිමිවරුන් හත් නමගේ නම් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.
රුමේනියාවේ ධම්මරංසි හිමි (47), රුසියාවේ ධම්මරක්ඛිත හිමි (34), ඉන්දියාවේ ධම්මගවේෂී හිමි (34), නාවලපිටිය උත්තරනන්ද හිමි (27), උඩවලවේ සත්තසුමන හිමි (41), නුගේගොඩ විපස්සී හිමි (37), මල්වානේගම සමිද්ධ හිමි (47) මෙලෙස අපවත් වී තිබෙනවා.
තුවාල ලබා ප්‍රතිකාර ලබන හිමිවරුන් වන්නේ, ගල්නෑවේ පඤ්ඤාදීප හිමි (36), රාජගිරියේ ලෝකනිති හිමි (39), පොකුණු විට තමරසමාහිත හිමි (26), උණපානේ චන්ද්‍රසිරි හිමි (35), පන්නිපිටියේ ඉන්ද්‍රභාෂිත හිමි, අනින්වත්තේ සරණංකර හිමි යන ස්වාමීන් වහන්සේලායි.