දශක 3කට පසුව, ෂාරුක් ඛාන්ට හොඳම නළුවාට හිමි ජාතික චිත්‍රපට සම්මානය..
Wednesday, 24 September 2025 - 10:55 | Views - 429
මේ ආරංචිය අසල්වැසි රටක ඉන්න ඔයාලා ආදරය කරන ජනප්‍රිය නළුවෙක් ගැනයි කිවුවොත් නිවැරදියි..

චිත්‍රපට කර්මාන්තයේ වසර 30කට වැඩි කාලයක් සේවය කිරීමෙන් පසු, බොලිවුඩ් සුපිරි තරුව ෂාරුක් ඛාන් (SRK) හොඳම නළුවාට හිමි ඔහුගේ පළමු ජාතික චිත්‍රපට සම්මානය ලබා ගෙන තිබෙනවා.

ඊයේ (23) අඟහරුවාදා, දිල්ලියේ විග්‍යාන් භවන් හිදී , ජනාධිපති ද්‍රෞපදී මුර්මු විසින් , ප්‍රධාන චරිතයක හොඳම නළුවාට හිමි ජාතික චිත්‍රපට සම්මානය ඔහුට පිරිනමා තිබෙනවා.

2023 සැප්තැම්බර් මාසයේදී සිනමාහල්වල තිරගත වූ ඇට්ලීගේ අධ්‍යක්ෂණය කළ 'ජවාන්' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මෙම සම්මානය හිමි වූ අතර,
කීර්තිමත් 71 වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී ෂාරුක් ඛාන් අතිශයින් සතුටට පත් වූ බවද පෙනුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබුණා.

අගෝස්තු මාසයේදී ජාතික චිත්‍රපට සම්මානලාභීන් ප්‍රකාශයට පත් කරන ලද අතර, ප්‍රධාන චරිතයක හොඳම නළුවා ලෙස ෂාරුක් ඛාන් නම් කර තිබෙනවා.

නිවේදනයෙන් පසු, ෂාරුක් ඛාන් ඔහුගේ රසිකයින්ට, කණ්ඩායමට, පවුලේ අයට සහ සගයන්ට කෘතඥතාව පළ කර වීඩියෝවක් සමාජ මාධ්‍යට මුදා හැර තිබුණා.

එයින් ඔහු මෙලෙස සිය රසිකයින් අමතා තිබුණා...

"ජාතික සම්මානයෙන් මට ගෞරව කිරීම ගැන ඔබට ස්තූතියි. ජූරි සභාවට, තොරතුරු හා සන්නිවේදන අමාත්‍යාංශයට ස්තූතියි. ''
 
 

 
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top