දශක 3කට පසුව, ෂාරුක් ඛාන්ට හොඳම නළුවාට හිමි ජාතික චිත්‍රපට සම්මානය..
Wednesday, 24 September 2025 - 10:55 | Views - 214
මේ ආරංචිය අසල්වැසි රටක ඉන්න ඔයාලා ආදරය කරන ජනප්‍රිය නළුවෙක් ගැනයි කිවුවොත් නිවැරදියි..

චිත්‍රපට කර්මාන්තයේ වසර 30කට වැඩි කාලයක් සේවය කිරීමෙන් පසු, බොලිවුඩ් සුපිරි තරුව ෂාරුක් ඛාන් (SRK) හොඳම නළුවාට හිමි ඔහුගේ පළමු ජාතික චිත්‍රපට සම්මානය ලබා ගෙන තිබෙනවා.

ඊයේ (23) අඟහරුවාදා, දිල්ලියේ විග්‍යාන් භවන් හිදී , ජනාධිපති ද්‍රෞපදී මුර්මු විසින් , ප්‍රධාන චරිතයක හොඳම නළුවාට හිමි ජාතික චිත්‍රපට සම්මානය ඔහුට පිරිනමා තිබෙනවා.

2023 සැප්තැම්බර් මාසයේදී සිනමාහල්වල තිරගත වූ ඇට්ලීගේ අධ්‍යක්ෂණය කළ 'ජවාන්' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මෙම සම්මානය හිමි වූ අතර,
කීර්තිමත් 71 වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී ෂාරුක් ඛාන් අතිශයින් සතුටට පත් වූ බවද පෙනුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබුණා.

අගෝස්තු මාසයේදී ජාතික චිත්‍රපට සම්මානලාභීන් ප්‍රකාශයට පත් කරන ලද අතර, ප්‍රධාන චරිතයක හොඳම නළුවා ලෙස ෂාරුක් ඛාන් නම් කර තිබෙනවා.

නිවේදනයෙන් පසු, ෂාරුක් ඛාන් ඔහුගේ රසිකයින්ට, කණ්ඩායමට, පවුලේ අයට සහ සගයන්ට කෘතඥතාව පළ කර වීඩියෝවක් සමාජ මාධ්‍යට මුදා හැර තිබුණා.

එයින් ඔහු මෙලෙස සිය රසිකයින් අමතා තිබුණා...

"ජාතික සම්මානයෙන් මට ගෞරව කිරීම ගැන ඔබට ස්තූතියි. ජූරි සභාවට, තොරතුරු හා සන්නිවේදන අමාත්‍යාංශයට ස්තූතියි. ''
 
 

 
Share This Article
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යාව මේ තරම් දියුණුයි කියලා...
Hiru Tv Blog
ඇත්තටම මේ මොකක්ද වෙන්නේ.? ඒ ගැන ඔබට අදහසක්...
Hiru Tv Blog
විටමින් කැල්සියම්, ඛනිජ ලවන, පොස්පරස් ආදී...
Hiru Tv Blog
ක්ෂය රෝගය ගැන ඇසෙන මේ ආරංචිය මොකක්ද කියලා...
Hiru Tv Blog
රටේ ජනගහනයෙන් සෑම පුද්ගලයින් 5න් 1 අයෙක්...
Hiru Tv Blog
ඔහු දේශපාලන ලෝකයේ ජනප්‍රිය චරිතයක්. ඇය ගායන ලෝකයේ දිදුලන චරිතයක්. මෙවුන් දෙදෙනා...
Hiru Tv Blog
සඳනි ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන කලා තරුවක්. ඇයට ආදරය කරාන බොහෝ...
Hiru Tv Blog
ඇයට කලා ලෝකයේ ආදරය නොකරන කෙනෙක් නැති තරම්, විනූ උදානි සිරිවර්ධන කියන්නේ ලංකාවේ...
Hiru Tv Blog
ඉතාලියේ සුඛෝපබෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදක ෆෙරාරි (RACE.MI) සිය දැඩි අපේක්ෂාවෙන්...
Hiru Tv Blog
මානව වර්ගයාගේ පළමු අඟහරු ගමන මෙයයි..නාසා ආයතනය මාස කිහිපයකින් සඳ වටා ගමනක් සඳහා...
Hiru Tv Blog
  ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top