පැය 12කට පසු නිවා දැමූ පිටකොටුවේ ගින්න ගැන විශේෂ විමර්ශනයක්.
ඊයේ සවස්කාලයේ මේ ඇසුණු ආරංචිය ඇත්තටම බොහෝ දෙනාගේ අවධානය යොමුවුණු සිද්ධියක් වුණා. අද ඒ ගැන ඇසෙන්නේ තවත් වෙනස් ආරංචියක්.
පිටකොටුව පළමු හරස් වීදීයේ විද්‍යූත් උපකරණ අලෙවිසැළක හටගත් ගින්න සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගලගේ ප්‍රධානත්වයෙන්.
ඊයේ පස්වරුවේ ඇති වූ මෙම ගින්න මැඩපැවැත්වෙනු ලැබුවේ පැය 12ක පමණ පමණ මෙහෙයුමකින් පසුවයි.
ඒ සදහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය මෙන්ම ගුවන් හමුදාව සහ නාවික හමුදාවද යෙදවීමටයි පියවර ගැණුනේ.
ගින්න පාලනයට ගිනි නිවීමේ රථ 15ක් පමණ මෙන්ම ගුවන් හමුදාවේ බෙල් - 212 හෙළිකොප්ටරයක් ද යොදා ගැණුනා.