භූමිතෙල්වලින් දුවපු බස් එකක්.. සීතලෙන් මත්වී බස් රථයක් ධාවනය කළ රියැදුරු පොලිසියට කොටු වූ හැටි මෙන්න..
Sunday, 21 September 2025 - 10:58 | Views - 146
දහස් ගණන් මගී ජීවිත අවදානමේ හෙළූ තවත් බස් රථයක් ඊයේ පොලිස් දැලට හසුවුණේ මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේදීයි. 


හම්බන්තොට සිට කොළඹ දක්වා ධාවනය වූ දුර ගමන් සේවා බස් රථයක් රියදුරු විෂ මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනයේ යෙදෙන බව මොරටුව රථවාන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම බස් රථය මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පරීක්ෂා කර තිබෙනවා.

එහිදී පොලිසියට අනාවරණය වී ඇත්තේ රියදුරු කුමන හෝ මත්ද්‍රව්‍යක් පානය කර රිය ධාවනය කරන ඇති බවයි.

ඉන්පසු මොරටුව පොලිසිය රියදුරු සහ බස් රථය අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නිලධාරීන් එම බස් රථයේ පිටුපස පරීක්ෂා කිරීමේදී හිස් කෑන් දහයක් පමණ සොයා ගෙන තිබෙනවා.

එම හිස් කෑන් පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙම බස් රථය භූමිතෙල් යොදා ධාවනය කර ඇති බවයි

පසුව බස් රථයේ මගීන් වෙනත් බස් රථයකට නංවා රියදුරු සහ බස් මොරටුව පොලිසියට රැගෙන විත් රියදුරු කොළඹ දකුණ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ රියදුරු අයිස් හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පානය කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් රියදුරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top