"දුම්රියෙන් කොළඹ ගිය මහත්තයා ආපහු එන්න පරක්කු මොකද කියලා හිත හිතා ඉන්නකොට පණිවිඩයක් ආවා.." නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගත් ඔහු ගැන ඇසුණු ඒ සවේදී කතාව මෙන්න..
Saturday, 20 September 2025 - 9:07 | Views - 87
මේ හදිසි අනතුර නිසා අවසානයේ ඔහුට අත් වුණේ හිතාගන්නවත් බැරි ඉරණමක්. කොහොම වුණත් දැන් ඔහු සියල්ලන් හඬවමින් අවසන් ගමන් ගිහින්. 


විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයකු ජීවිතයෙන් සමුගත් ඒ සංවේදී පුවත ගැන ඇගේ බිරිඳ කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

"දුම්රියෙන් කොළඹ ගිය මහත්තයා ආපහු එන්න පරක්කු මොකද කියලා හිත හිතා ඉන්නකොට පණිවිඩයක් ආවා පොතුහැර දුම්රිය ස්ථානයේ දී දුම්රියෙන් වැටිලා අනතුරට ලක් වෙලා එයා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරලා ඉන්නවා කියලා. රෝහලට ගියාම දැනගන්න ලැබුණා මහත්තයා අනතුර නිසා මිය ගියා කියලා " යැයි පොතුහැර දී දුම්රියට හසු වීමෙන් මරණයට පත් පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කළ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයකුගේ මරණය සම්බන්ධයෙන් පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් බිරිය වන එච්.එම්. මාලනී හේරත් මහත්මිය පැවසුවා.

පොතුහැර යටිහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මාරබැද්දේ රත්නායක මුදියාන්සේලාගේ ඉන්ද්‍රපාල නමැති 62 හැවිරිදි අයකු දුම්රිය අනතුරෙන් මරණයට පත්ව ඇති අතර, විශ්‍රාම යාමට පෙර ඔහු අවසන් වරට ගෝනහේන විශේෂ කාර්ය බළකා කඳවුරේ සේවය කර තිබුණා.

එම මරණය සම්බන්ධයෙන් වන හදිසි මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු ඩී.කේ.අමරසිංහ හමුවේ පවත්වා තිබෙනවා.

එහි දී වැඩිදුරටත් සාක්ෂි දෙමින් ඇය මෙසේද සඳහන් කළා.

වෙනදාට කොළඹ ගියාම හවස මහව දුම්රියෙන් ඇවිත් රෑ හත විතර වෙනකොට ගෙදරට එනවා. එදත් ඒ දුම්රියෙන්ම එනවා කියලා තමයි ගියේ. නමුත් මහත්තයාට එදා දුම්රියේ දී නින්ද ගිහින් තිබිලා. එයාට ඇහෙනකොට දුම්රිය පොතුහැර දුම්රිය ස්ථානයේ නවත්වලා නැවත ගමන් ආරම්භ කරලා තිබිලා තියනවා. මේ නිසා කලබලයට පත් වෙලා ගමන් කරන දුම්රියෙන් බහින්න ගියාම තමයි එයා අනතුරට ලක් වෙලා තියෙන්නේ.

ඒ වෙලාවෙම ළඟ හිටිය කට්ටිය එකතු වෙලා සුවසැරිය ගිලන් රථයක් ගෙන්වලා මහත්තයා කුරුණෑගල ශික්ෂණ රෝහලට අරන් ගිහින් තිබුණත් එයා මිය ගිහින් කියලා දැනගන්න ලැබුණා. මහත්තයා පොතුහැර දුම්රිය ස්ථානයේ දී අනතුරකට ලක් වෙලා කියලා තමයි මට මුලින්ම පණිවිඩයක් ලැබුණේ. නමුත් ඒ අනතුර මේ තරම් බරපතළයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් බැසීමට උත්සාහ ගැනීමේ දී දුම්රිය ස්ථානයේ පදික වේදිකාවේ අවසන් කොටසින් ලිස්සා වැටී දුම්රියට හසු වීමෙන් ඔහුගේ දෙපා සම්පූර්ණයෙන්ම වෙන්ව බරපතළ තුවාල සිදුව තිබූ බව පැවසේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මොහොමඩ් සිද්දික්ගේ නිගමනය වූයේ සිදුව තිබූ බරපතළ තුවාල හේතුවෙන් හටගත් රක්ත කම්පන තත්ත්වයකින් මරණය සිදුව ඇති බවයි.

මරණ පරීක්ෂණයේදී ලද සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සැලකිල්ලට ගත් කුරුණෑගල නාගරික හදිසි මරණ පරීක්ෂක අමරසිංහ මෙම මරණය දුම්රියෙන් ඇද වැටී දුම්රියට හසුවීමෙන් දෙපා වෙන්ව ඇතිවූ බරපතළ තුවාල හේතුවෙන් හටගත් රක්ත කම්පන තත්ත්වයකින් සිදුවූ හදිසි අනතුරු මරණයක් බවට තීන්දු කළා. පොතුහැර පොලිසියේ සැරයන් අමරසිංහද මරණ පරීක්ෂණයේ සාක්ෂි විමසුමට සහාය වූ අතර, දෙදරු පියකු වන ඔහුගේ හදිසි මරණය හේතුවෙන් පවුලේ සාමාජිකයන් මෙන්ම ප්‍රදේශවාසීන්ද දැඩි කම්පනයකට ලක්ව සිටින ආකාරය දැකගත හැකි වුණා. හිටපු උප පොලිස් පරීක්ෂකවරයා යටිහේන ගමේ කා අතරත් ප්‍රසිද්ධ අයකු බව පැවසුවා.

දිණමිණ පුවත්පත ඇසුරෙන්. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top