රොනාල්ඩෝ සිය සහකාරිය වූ ජෝර්ජිනා සමඟ විවාහ ගිවිස ගනී
Tuesday, 12 August 2025 - 14:38 | Views - 531
 
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඔහුගේ දිගුකාලීන සහකාරිය වන ජෝර්ජියානා රොඩ්‍රිගස් සමඟ විවාහ ගිවිසගෙන තිබෙනවා.
 
වසර 09ක දීර්ඝ සබඳතාවකින් පසු ඔවුන් මෙලෙස විවාහ ගිවිස ගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. 
 
ජෝර්ජියානා ස්පාඤ්ඤ භාෂාවෙන් “ඔව් මම කරනවා. මේකෙත් මගේ මුළු ජීවිත කාලය පුරාම” යනුවෙන් ලියා ඇති විශාල මුද්දක පින්තූරයක් සමඟ ඇයගේ සමාජ මාධ්‍යවල මේ බව නිවේදනය කර තිබුණා. 
 
කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ඇය බෙදාගෙන තිබුණේ නැහැ. 
 
එසේම ඉන්ස්ටග්‍රෑම් හි වැඩිපුරම අනුගමනය කරන පුද්ගලයා වන 40 හැවිරිදි රොනාල්ඩෝ තවමත් ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම පිළිබඳව අදහස් දක්වා නොමැති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. 
 
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top