'' ඉල්ලා අස්වෙන්නේ නැහැ '' - ජපාන අගමැති ෂිගේරු කියයි..
ජපාන පාලක සන්ධානයට රටේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය අහිමි වී ඇතත් ඉල්ලා අස්වීමට කිසිඳු සැලසුමක් නොමැති බව අගමැති ෂිගේරු ඉෂිබා පවසනවා.
පසුගිය ඉරිදා පැවති මහ මැතිවරණයේදී ජපාන පාලක සන්ධානයට දැනට පවතින මන්ත්‍රී ආසන 75 ට අමතරව තවත් මන්ත්‍රී ආසන 50 ක් ලබා ගත යුතුව තිබූ නමුත්, ඔවුන්ට ලබාගත හැකි වී ඇත්තේ ආසන 47 ක් පමණයි.
ජන්ද දායකයන් පසුගිය ඉරිදා ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවේ භාණ්ඩ මිල ඉහළ යාම සහ අමෙරිකානු තීරුබදු තර්ජන පවතින වකවානුවක වීම විශේෂත්වයක්.
සාමාන්‍යයෙන් මෙවැනි මැතිවරණ පරාජයකින් පසු එරට අගමැතිවරයා ඇතුලු පාලක පක්ෂය ඉල්ලා අස්වීමේ සම්ප්‍රදායක් පවතිනවා.
පසුගිය වසරේ ජපානයේ වඩාත් බලවත් පහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ද ඔවුන්ට අහිමි වී ගියා.