කවදාවත් නැති කෙටිම දවසක් ඒක , තවත් දවස් දෙකක් එනවා... මෙන්න ඒ අමුතුම විස්තරේ..
Monday, 14 July 2025 - 15:46 | Views - 579
 
වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී පෘථිවිය අසාමාන්‍ය ලෙස කෙටි දින කිහිපයක් පසු කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. 

ඒ අනුව, ජූලි මස 9 වන දින පෘථිවිය මෙතෙක් වාර්තා කළ කෙටිම දිනවලින් එකක් වාර්තා කර තිබෙනවා. 
 
මේ මස 22 සහ අගෝස්තු 5 යන දිනවලදීද වේගවත් භ්‍රමණයක් සිදු වීමට නියමිත බවයි අපේක්ෂා කෙරෙන්නේ. 
 
ඒ මිලි තත්පර 1.3 සිට 1.6 දක්වා පවතින කෙටි වෙනස්වීමක් වන අතර එය මිනිසුන්ට නොපෙනෙන බවයි සඳහන් කරන්නේ. 
 
චන්ද්‍රයාගේ වත්මන් කක්ෂීය පිහිටීම පෘථිවියේ භ්‍රමණය සියුම් ලෙස වේගවත් කරන බව විද්‍යාඥයින් පවසනවා. 
 
පෘථිවිය එහි අක්ෂය වටා එක් භ්‍රමණයක් සම්පූර්ණ කිරීමට ගතවන කාලය සාමාන්‍ය දිනයක් ලෙස හඳුන්වන අතර දළ වශයෙන් එය තත්පර 86,400ක්.
 
කෙසේ වෙතත්, පෘථිවියේ භ්‍රමණ වේගය වෙනස්වීමට චන්ද්‍රයාගේ සහ සූර්‍යාගෙන් ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය, පෘථිවි පෘෂ්ඨයේ භූගෝලීය ක්‍රියාකාරීත්වය, සුළං රටා හා සාගර ධාරාවල වෙනස්වීම් වැනි සාධක බලපායි. 
 
ඒ අනුව, මෙම දින තුන මෙතෙක් වාර්තා වූ කෙටිම දින වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. 
 
ස්ක්‍රිප්ස් සාගර විද්‍යා ආයතනයේ භූ භෞතික විද්‍යාඥ ඩන්කන් ඇග්නිව් පවසන්නේ, මෙම තත්ත්වය විද්‍යාත්මකව වැදගත් නමුත් යම් ව්‍යසනයකට හේතුවක් නොවන බවයි. 
 
 
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top