සුරූපී බොලිවුඩ් තාරකාව දීපිකා පදුකෝන් ඉන්දීය ඉතිහාසය අලුත් කරයි..
Saturday, 05 July 2025 - 14:27 | Views - 155
ඇගේ සුරූපී බව නිසා ලෝකයේ බොහෝ දෙනෙක් ඇයට ආදරය කරනවා..

මේ සුන්දර රූමතිය ඇගේ රංගන ජීවිතයේ මේ වෙනකොට විශාල ගමනක් ගිහින් තියන චරිතයක්.. 

ඒ විතරක් නෙවෙයි, ඇය ගැන මේ කියන්න යන පුවතත් ඊට වඩා සුවිශේෂියි.. මොකක්ද මේ කතාව..?

ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වන දීපිකා පදුකෝන් ඉන්දීය ඉතිහාසය අලුත් කරමින් ප්‍රකට හොලිවුඩ් වොක් ඔෆ් ෆේම් (Hollywood Walk of Fame) හි තාරාවකින් සම්මානිත වන ප්‍රථම ඉන්දීය ‍රංගන ශිල්පිනි වීමේ භාග්‍යය උදා කරගෙන තිබෙනවා...

මෙය නිල වශයෙන් 2026 වසරේදී ප්‍රධානයට පත් කරන අතර මෙම ගෞරවය ඇගේ වෘත්තීය ජීවිතයේ පමණක් නොව ගෝලීය වශයෙන් ඉන්දියානු සිනමාවට ද වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ..

හොලිවුඩ් වාණිජ මණ්ඩලය (Hollywood Chamber of Commerce) විසින් පසුගියදා පැවති 2026 වසරේ Walk of Fame සම්මාන ලැයිස්තුව හෙළිදරව් කරන අවස්ථාවේදී, දීපිකා පදුකෝන්ගේ නම “Motion Pictures” (චිත්‍රපට) කාණ්ඩය යටතේ නිකුත් කර තිබෙනවා...

ඇයත් සමග Emily Blunt, Rachel McAdams, Demi Moore, Rami Malek, Timothée Chalamet සහ Stanley Tucci යන හොලිවුඩ් නළු නිලියන්ගේ නම්ද මේ ලැයිස්තුවට ඇතුලත් වී තිබෙනවා. 2007 වස‍රේ 'ඕම් ශාන්තී ඕම්' චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි ඇය ' යේ ජවානී හේ දිවානී, චෙන්නයි එක්ස්ප්‍රස්, ‍රාම්-ලීලා, පද්මාවත්, පතාන් ' වැනි දැවැන්ත සිනාමාපට හරහා රසිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ අතර ඇය 2017 වසරේදී හොලිවුඩ් සිනාමාවට xXx: Retu of Xander Cage චිත්‍රපටය හරහා පිවිසුණා...
 
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top