ප්‍රසංගය අවසානයේදී කේ. සුජීවා හඬා වැටෙයි.. සංවිධායකයින් දුන් සල්ලි එපා කියා ඇය කියූ සංවේදී කතාව මෙන්න.
Tuesday, 28 April 2026 - 12:23 | Views - 116
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර පෙන්වූ අපූරු පුවතක් සමාජ මාධ්‍ය හරහා මේ වනවිට දැඩි කතාබහට ලක්වෙලා තිබෙනවා.

ඒ තමයි ජනප්‍රිය ගායිකා කේ. සුජීවාට පසුගියදා පැවති සංගීත ප්‍රසංගයකදී සිදුවූ සිදුවීමක් මේ කතාබහට හේතුවෙලා තිබෙනවා.

අදාළ ප්‍රසංගය පැවැත්වෙමින් තිබියදී රාත්‍රී 12.45ට පමණ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාවිරහිතකර ප්‍රසංගය අවසන්කරන ලෙස පොලිසිය විසින් දැනුම්දී තිබෙනවා.

ඒ වනවිට ගීත ගායනා කිරීම සඳහා කේ. සුජීවා වේදිකාවට පැමිණ සිටියත්, ඇයට එකදු ගීතයක් ගායනා කිරීමට අවස්ථාවක් ලැබී නැහැ.

ප්‍රසංගය අතරමඟ නතර කිරීමට සිදුවුවත්, ඇය එහි පැමිණීම අගය කරමින් සංවිධායක මණ්ඩලය ඇයට හිමිගෙවීම් ලබාදීමට ඉදිරිපත්වෙලා තිබෙනවා.

නමුත් කිසිදු ගායනයක් ඉදිරිපත් නොකර එම මුදල් ලබාගැනීම ඇය ප්‍රතික්ෂේප කර ඇත්තේ එහි සිටි සියලුදෙනාම පුදුමයට පත්කරමින්.

ඇය ඉතාමත් සංවේදීව, කඳුළු පිරි දෙනෙතින් යුතුව එහිදී පවසා ඇත්තේ මෙවැනි කතාවක්,

"මල්ලි මම කියන එක අහන්න.. මම අද එක සින්දුවක්වත් කිව්වේ නැහැනේ. ඒ නිසා මට මේ සල්ලි එපා. ලබන අවුරුද්දේ මම නොමැරී හිටියොත් ආයෙත් එන්නම්.. එදාට මම සින්දු කියලා මේ සල්ලි ගන්නම්."

බොහෝදෙනා කලාකරුවන් මුදල් පසුපසම හඹායන බවට චෝදනා කළත්, කේ. සුජීවාගේ මේ ක්‍රියාව නිසා ඇය සතු නිහතමානීබව හා වෘත්තීය ගරුත්වය මැනවින් ප්‍රදර්ශනයවෙලා තිබෙනවා.

ඇයගේ මේ මානුෂීය ගුණය ගැන මේ වනවිට බොහෝදෙනා සමාජ මාධ්‍ය ඔස්සේ සිය ප්‍රසාදය පළකරමින් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් අපේ රටේ කොයි කවුරුත් ආදරය දිනාගත්ත සොඳුරු...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top