වසංගතයක පෙරනිමිති මැඩලන්න මොඩර්නා සූදානම්.. ලෝකයටම දුන්න සුබ පණිවිඩය මෙන්න.
Wednesday, 22 April 2026 - 16:00 | Views - 60

ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු උණ වෛරසය මිනිසුන් අතර වසංගතයක් ලෙස පැතිරීයාමේ අවදානම සැලකිල්ලට ගනිමින්, අමෙරිකාවේ සුප්‍රකට මොඩර්නා (Moderna) සමාගම සිය නවතම එන්නතෙහි අවසන් අදියරේ සායනික පරීක්ෂණ ආරම්භ කරලා තිබෙනවා.
බ්‍රිතාන්‍ය රජය සමඟ ඒකාබද්ධව මේ පරීක්ෂණ මෙහෙයවනු ලබනබව වාර්තාවුණා. "mRNA 1018" ලෙස නම්කර ඇති මේ පරීක්ෂණාත්මක එන්නත, කොරෝනා එන්නත නිපදවූ නවීන mRNA තාක්ෂණය උපයෝගී කරගනිමින් නිපදවා තිබෙනවා.
මෙහි සාර්ථකත්වය පරීක්ෂා කිරීම සඳහා වයස අවුරුදු 18 හා ඊට වැඩි නිරෝගී පුද්ගලයන් 4,000ක් පමණ යොදාගැනීමට නියමිතවෙලා තිබෙනවා.
පසුගිය කාලසීමාවතුළ කුරුළු උණ වෛරසය (Bird Flu) විවිධ සත්ත්ව විශේෂ අතර අසාමාන්‍ය ලෙස පැතිරගිය අතර, එය මිනිසුන්ට ආසාදනයවීමේ අවදානමක් පවතිනබව විද්‍යාඥයන් අනාවැකි පළකරලා තිබුණා.
මේ එන්නත නිපදවීමේ ප්‍රධානතම අරමුණවන්නේ යම් හෙයකින් මිනිසුන් අතර වෛරසය ව්‍යාප්ත වුවහොත් එය මහා පරිමාණ වසංගතයක් දක්වා වර්ධනය වීම වළක්වාගැනීමයි.
මේ සායනික පරීක්ෂණ හරහා එන්නතේ ආරක්ෂිතභාවය හා ප්‍රතිශක්තිය ගොඩනැගීමේ හැකියාව මැනවින් තහවුරු කරගැනීමට නියමිතයි.
මොඩර්නා සමාගම හා බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය අංශ එක්ව පවත්වන මේ පර්යේෂණය, අනාගත ගෝලීය සෞඛ්‍ය සුරක්ෂිතභාවය වෙනුවෙන් තබන වැදගත් පියවරක් ලෙස සැලකෙනවා.
Share This Article