අරාබි මුහුදේ සැඟවුණු පාරිසරික කිරුළ බිඳ වැටෙයි.. ලෝකයම බලා සිටින හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇසෙන අවාසනාවන්ත පුවත මෙන්න..
Thursday, 30 April 2026 - 12:39 | Views - 157
ලොව දේශපාලනික හා යුදමය වශයෙන් අතිශය උණුසුම් කලාපයක්වන හෝමුස් සමුද්‍ර සන්ධිය මේ වනවිට දැවැන්ත පාරිසරික විනාශයක මුවවිටට පැමිණ තිබෙනවා.

පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාවය හේතුවෙන් දහස් සංඛ්‍යාත දුර්ලභ සාගර ජීවීන්ගේ පැවැත්මට බරපතල තර්ජනයක් එල්ලවෙලා තිබෙනවා.

විද්‍යාඥයන් විසින් ගල්ෆ් කලාපයේ පාරිසරික කිරුළ ලෙස හඳුන්වන මේ කලාපය, ලොව ශක්තිමත්ම කොරල්පර මෙන්ම අතිශය දුර්ලභ අරාබි හම්ප්බැක් තල්මසුන් හා ඩොල්ෆින් මසුන්ගේ ප්‍රධාන නිවහනක් වෙනවා.

වර්තමාන ගැටුම්කාරී තත්ත්වය හමුවේ තෙල් ලීටර් බිලියන 21ක් පමණ රැගත් නෞකා 2,000කට අධික සංඛ්‍යාවක් මෙම පටු මුහුදු තීරයේ සිරවී තිබෙනවා.

ඇමරිකානු ප්‍රහාරයකට ලක් වූ ‘ෂාහිඩ් බාගෙරි’ වැනි නෞකාවලින් සිදුවන තෙල් කාන්දුවීම් හේතුවෙන් සාගර ජීවීන්ගේ ස්නායු පද්ධතිය අඩපණවෙමින් පවතිනබව පර්යේෂකයන් අනාවරණය කළා.

බොරතෙල්වල අඩංගු විෂ රසායනික ද්‍රව්‍ය සාගර ජීවීන්ගේ හෘද ක්‍රියාකාරිත්වය හා ශ්වසනයට සෘජුවම හානිකරනවා.

මේ හේතුවෙන් සතුන්ට තම සතුරන්ගෙන් බේරීමට හෝ ආහාර සොයාගැනීමට ඇති හැකියාව පවා අහිමිවෙමින් පවතින බව විද්‍යාඥයන් පෙන්වාදෙනවා.

මේ විනාශය හුදෙක් සාගර ජීවීන්ට පමණක් නොව, කලාපීය ධීවර කර්මාන්තයට හා සංචාරක කර්මාන්තයටද මරු පහරක්වනු ඇති බවට අනාවැකි පළවෙනවා.
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top