ගාලු කොටුවේදී බ්‍රිතාන්‍ය යුවළකට වුණු දේ.. ගාල්ල පොලිසියේ නිලධාරීන් විනාඩි කිහිපයකින් කළ හාස්කම මෙන්න..
Thursday, 30 April 2026 - 15:16 | Views - 95
ලොවක් වසඟකළ ගාලු කොටුවේ සුන්දරත්වය නරඹන්නට පැමිණි බ්‍රිතාන්‍ය යුවළකට ඉකුත් (26) සවස අමතක නොවන අත්දැකීමකට මුහුණදෙන්න සිදුවුණා.

හිරු බැස යන දර්ශනය නරඹමින් සිටි ඔවුන්ගේ වටිනා ඇපල් (Apple) වර්ගයේ ජංගම දුරකථනය අස්ථානගත වීමත් සමඟ ඔවුන් දැඩි අසරණභාවයට පත්වෙලා තිබෙනවා.

කරකියාගත දෙයක් නොමැතිවූ තැන ඔවුන් වහාම ගාල්ල පොලිසිය වෙතගොස් මේ බව පවසලා තිබෙනවා.

එහිදී ක්‍රියාත්මකවූ ගාල්ල පොලිසියේ හා කොටුව සංචාරක පොලිසියේ නිලධාරීන්, කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අයුරින් විනාඩි කිහිපයක් ඇතුළත එම අස්ථානගතවූ දුරකථනය සොයාදීමට සමත්වෙලා තිබෙනවා.

තමන්ගේ දුරකථනය නැවත ලැබීමත් සමඟ එම යුවළ පවසා සිටියේ මෙවැන්නක් "අපි බලාපොරොත්තු වුණේ නැහැ මෙච්චර ඉක්මනට අපිට අපේ ජංගම දුරකථනය හම්බවෙයි කියලා.
ඇත්තටම ශ්‍රී ලංකා පොලිසියට ස්තුතියි... මේ රටේ මිනිස්සු හරිම සුන්දරයි. මේ දේ අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ"

අපේ රටේ නම ලෝකය ඉදිරියේ බැබළවූ ඒ නිලධාරීන්ට මෙන්ම, සංචාරකයින්ට උපකාරකරන සෑම අවංක ලාංකිකයෙකුටම අපේ ගෞරවය හිමිවිය යුතුමයි.

අන්තර්ජාලය ඇසුරින්..
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top