බොලිවුඩයේ සදාකාලික පුරාවෘත්තය 'මධුභාලා' යළිත් රිදීතිරයට.. ඇයගේ චරිතයට පණදෙන්න සාරා සැරසෙයි.
Wednesday, 29 April 2026 - 12:47 | Views - 55
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ මධුභාලාගේ අබිරහස් හා අනුවේදනීය ජීවිත කතාව සිනමාවට නැගීමට සියල්ල සූදානම්වෙලා තිබෙනවා.

වසර ගණනාවක් තිස්සේ බොලිවුඩයේ දැවැන්ත නිළියන් අතර පැවති මහා තරගයකින් අනතුරුව, මධුභාලාගේ චරිතය නිරූපණය කිරීමේ වාසනාව නවක නිළි සාරා අර්ජුන් (Sara Arjun) තමාසතු කරගෙන ඇතිබව නිෂ්පාදන කණ්ඩායම දැන් තහවුරුකර තිබෙනවා.

මධුභාලාගේ චරිතය සඳහා සුරූපී කියාරා අද්වානි හා සායි පල්ලවී වැනි තාරකාවියන්ගේ නම් මුලින් යෝජනාවී තිබුණා.

නමුත් "ධුරන්දර්" චිත්‍රපටයේ රංගනයෙන් කාගෙත් සිත් දිනාගත් සාරා අර්ජුන්, අවසානයේ මේ සුවිශේෂී අවස්ථාව තමන් සතු කරගැනීමට සමත්වුණා.

අයවැය ප්‍රශ්න නිසා අතරමඟ නතරවී තිබූ මේ ව්‍යාපෘතියට නව පණක් ලැබුණේ ප්‍රවීණ අධ්‍යක්ෂ සංජේ ලීලා භන්සාලි නිෂ්පාදකවරයා ලෙස මීට එක්වීමත් සමඟයි.

ජස්මීත් කේ. රීන් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මේ චිත්‍රපටය තුළින් මධුභාලාගේ ජීවිතයේ මෙතෙක් හෙළිනොවූ බොහෝ පැතිකඩයන් දිගහැරීමට නියමිතවෙලා තිබෙනවා.

මේ චරිතාපදානය තුළින් මධුභාලා හා සුපිරි නළු දිලීප් කුමාර් අතර පැවති ආත්මීය ප්‍රේමය බිඳීයාම, අනතුරුව ඇය කිෂෝර් කුමාර් සමඟ විවාහවීම හා උපතින්ම හෘදයේ සිදුරක් සහිතව ඇය විඳි වේදනාත්මක ජීවිතය ගැන කියවෙනවා.

වයස අවුරුදු 36ක් වැනි කෙටි කාලයකදී ලෝකයම හඬවා ඇය සමුගත් ආකාරය ප්‍රේක්ෂකයින්ගේ දෑසට කඳුළු ගෙනෙනු ඇතැයි විශ්වාස කරනවා.

Dhurandhar actress Sara Arjun to play Madhubala in new film: Report
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top