පාසල් යන්න ආ දරුවන්ට අද උදේ පාරේදී සිදුවුණු දේ.. බගවන්තලාවම කම්පාකළ අවාසනාවන්ත සිදුවීම..
Tuesday, 28 April 2026 - 17:27 | Views - 92
බගවන්තලාව, රාණිකාඩු ප්‍රදේශයේ සිට පාසල් දරුවන් රැගෙන ධාවනයවූ බස් රථයක් අද (28) උදෑසන බරපතළ අනතුරකට ලක්වෙලා තිබෙනවා.

උදෑසන 7:30ට පමණ සිදුවූ මේ අනතුරෙන් බස් රථයේ ගමන්ගත් පාසල් දරුවන් 34 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇතිබව වාර්තාවුණා.

ධාවනය වෙමින් තිබූ මෙම පෞද්ගලික බස් රථයේ තිරිංග පද්ධතියේ (Breaks) හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය පාලනය කර ගැනීමට රියදුරාට නොහැකිවී තිබෙනවා.

එහිදී විශාල අනතුරක් වළක්වා ගැනීම සඳහා රියදුරා විසින් බස් රථය මාර්ගය අසලවූ පස් කන්දක ගැටීමට සලස්වා නතරකර ගැනීමට පියවරගෙන ඇතිබව මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ දරුවන් 34 දෙනාම බගවන්තලාව ප්‍රාදේශීය රෝහලවෙත ඇතුළත් කරලා තිබෙනවා.

තුවාල ලැබූ දරුවන් අතරින් සිව් දෙනෙකුගේ තත්ත්වය සැලකිල්ලටගෙන ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

සෙසු දරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ. අනතුර සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා.
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top