ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට අලුත්ම යුගයක්.. ජනාධිපතිවරයා හා නිලධාරීන් ගත් ඒ විශේෂ තීරණය මෙන්න.
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් කරමින් ලබන වසර මුලදී විදුලි දුම්රිය සේවාව ආරම්භ කිරීමට රජය තීරණය කරලා තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් අතර අද (29) පැවති විශේෂ සාකච්ඡාවකදී මේ තීරණාත්මක එකඟතාවන්ට එළඹිලා තිබෙනවා.
කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ කැලණිවැලි මාර්ගයේ මරදාන සිට මාකුඹුර දක්වාද, ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව සිට රාගම දක්වාද, මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව සිට පානදුර දක්වා පළමු අදියර වශයෙන් විදුලි දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්කර තිබෙනවා.
වර්තමාන දුම්රිය සේවාවට සමාන්තරව මේ විද්‍යුත් දුම්රිය සේවා ක්‍රියාත්මකවන අතර, දුම්රිය මාර්ගයන්හි දැනට පවතින පළල වෙනුවට ලෝක සම්මත පළල (Standard Gauge) යොදාගෙන මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමටද මෙහිදී අවධානය යොමුවෙලා තිබෙනවා.
මේ ව්‍යාපෘතිය හරහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින දැඩිමාර්ග තදබදයට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතිබව බලධාරීන් විශ්වාසය පළකළා.