මඤ්ඤොක්කා ගැන මේ දේවල් දැනගෙන හිටියේ නෑ නේද?
Wednesday, 30 April 2025 - 8:40 | Views - 387
 
මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ,මාගේ හිතවතෙකු විසින් තම ඥාතී දියණියකගේ මොළයේ හට ගෙන තිබූ පිළිකා රෝගී තත්ත්වයක් සඳහා මඤ්ඤොක්කා අල ප්‍රතිකාර ක්‍රමය, පහසුවෙන් යොදා ගත හැකි ක්‍රමයක් පිළිබඳ කළ විමසුමකට ප්‍රතිචාරයක් ලෙසටය.
 
මඤඤොක්කා අල ප්‍රතිකාරය සාර්ථකව භාවිත කළ මහාචාර්යවරයෙක් පිළිබඳවයි මේ.
 
පිලිපීනයේ මැනිලා හී, සන්තෝම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැනුවෙල් නවාරෝ මහතා විසින් බොහොම කාලකට ඉහතදී මඤ්ඤොක්කා අල ප්‍රතිකාරයෙන් උග්‍ර පිළිකා රෝගීන් 500 ක් පමණ සුවපත් කොට ඇති බවටද වාර්තා වෙනවා.
 
මහාචාර්ය නවාරෝ විසින් යොදා ගත්, ඒ විශේෂිත මඤ්ඤොක්කා අල ප්‍රතිකාර ක්‍රම පහත දක්වේ.
 
අගල් 4ක පමණ දිග සහ අගල් 2 ක් 3 ක් පළල අමු පිරිසිඳු මඤ්ඤොක්කා අල කැබැල්ලක් සොයා ගන්න. එහි දුඹුරු පැහැති පිට පොත්ත පමණක් ශුද්ධ කරගන්න.
 
දැන් එය කුඩා කැබලි වලට කපා ගෙන එම කැබලි බ්ලෙන්ඩරයකට දමා ඊට උතුරුවා නිවා ගත් පිරිසිදු ජලය පිරුණු කෝප්ප 2ක් දමා මිනිත්තු 2ක් පමණ වැඩි වේගයකින් හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.
 
දැන් අඹරා ගත් කිරි පැහැති දියරය උස වීදුරුවකට දමා පැය දෙකක් පමණ ශීතකරණයේ තබන්න. එවිට මඤ්ඤොක්කා අල වල පිටි කොටස වීදුරුවේ පතුලේ තැම්පත් වන ආකාරය දැකගත හැකිය.
 
ඉහළින් තිබෙන ජලය වැනි අවර්ණ දියර කොටස ප්‍රවේශමෙන් වෙනත් භාජනයකට වෙන් කර ගන්න. එම දියරයෙන් භාගයක් උදේ කෑමට පෙරද ඉතිරි භාගය සවස ද පානය කරන්න.
(මෙම ද්‍රාවණය තරමක් තිත්ත රසයක් ගනී) ඊට පසු දිනද පෙර සේම ද්‍රාවණය සකස් කර ගන්න. හැබැයි පෙර දිනයේදී ඔබ ගත් අල කැබැල්ලට වඩා අගල් භාගයක් දිග වැඩි අල කැබැල්ලක් ගැනීමට වග බලා ගත යුතු බවට මතක තබා ගන්න.
 
මෙසේ ක්‍රමයෙන් අල කැබැල්ලේ දිග අගල් භාගය භාගය වැඩි කරමින් මඤ්ඤොක්කා අල ද්‍රාවණය සකස් කර ගෙන පානය කරන විට, එක් දිනකදී මෙම ද්‍රාවණය පානය කිරීමෙන් අනතුරුව, ඔබට කරකැවිලි ගතියක් දැනෙණු ඇත. (ඔබ මතක තබා ගන්න. ඒ ඔබට දරා ගත හැකි ඖෂධයේ සීමාවයි. මාත්‍රාවයි)
 
පසු දින සිට සිට ඔබ ගන්නා මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග අගල් භාගයකින් අඩු කරන්න වග බලාගන්න.
 
අගල් භාගයකින් අඩු කළ මඤ්ඤොක්කා අල කැබැල්ල (උදාහරණයක් ලෙස අද දින ඔබට කැරකැවිල්ල හැදුනූ අල කැබැල්ලේ දිග අගල් 8 ක් නම්, හෙට සිට ඔබ පෙර කී ද්‍රාවණය සකස් කර ගැනීමට ගත යුතු මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග අගල් 7 හමාරක් විය යුතුය.)
 
මතක තබා ගත යුතු වැදගත් කාරණයක් වන්නේ ඔබේ මාත්‍රාව ඉක්මවා නොයැමයි.එය නිසි ආකාරයෙන් සිදු කරන්න.
 
මෙම ද්‍රවණයේ රසය, ප්‍රසන්න කර ගැනීම වෙනුවට දොඩම් හෝ දෙහි යුෂ එක් කර ගත්තාටද වරදක් නොමැත.එවිට ඔබට අප්පිරියාවක් නොදැනෙනු ඇත.
 
මෙම ප්‍රතිකාරය මාස 3ක් පමණ කළ යුතු බව වෛද්‍ය සින්තියා ජයසූරිය මහත්මියගේ අත්දැකීම් අනුව පැහැදිළි කර තිබෙනවා.
 
වෛද්‍ය ජයසූරිය මහත්මිය විසින් තම පිළිකා රෝගය සම්පූර්ණයෙන්ම සුව කර ගෙන ඇත්තේ දිනපතාම වේලකට මඤ්ඤොක්කා ග්‍රෑම් 100 ක් පමණ, මාස 3 ක් එක දිගට ආහාරයට ගැනීමෙන් බව ඇය විසින් හෙළි කර තිබෙනවා.
 
මෙම ප්‍රතිකාර ක්‍රමය මහාචාර්යය නවාරෝ විසින් ළමුන් සඳහා නිර්දේශ නොකලද පසුව කරන ලද ප්‍රායෝගික අත්දැකීම් වලට අනුව ළමුන් සඳහාද භාවිත කළ හැකි බව සින්තියා ජයසූරිය මහත්මිය ප්‍රකාශ කර තිබිණා.
 
ළමුන් සඳහා භාවිත කිරීමේදී ප්‍රතිකාරය ආරම්භ කිරිමට යොදා ගන්නා මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග, ළමයාගේ වයස අනුව තරමක් අඩු කළ යුතු බව මගේ හැගීම වනවා.
 
මෙම ප්‍රතිකාර ක්‍රමයේ තවත් වාසියක් වන්නේ මඤ්ඤොක්කා අල වල තිඛෙන පිෂ්ඨය ඉවත් කෙරෙන නිසා දියවැඩියා රෝගීන් සඳහාද සුදුසු විමයි.
 
පිළිකා මර්දනයෙහිලා මඤ්ඤොක්කා අල සතු සුවිශෙෂී හැකියාව මෙන්න.
 
මඤ්ඤොක්කා අල සහ ඇප්‍රිකොට් වැනි ශාක තුළ තිබෙන, විටමින් බී 17 මගින් පිළිකා ෙසෙල පමණක් විනාශ කරන හේතුව නිසා සහ එය සාමාන්‍ය නිරෝගී සෛල වලට හානි නොකරන නිසාවෙන් මඤ්ඤොක්කා අල සතු පිළිකා මර්දන හැකියාව විශිෂ්ඨ වන බව පැවසෙනවා.
 
පිළිකා මර්දන හැකියාව සතු තවත් ස්වභාවික ආහාර වර්ග කිහිපයක් මෙන්න.
 
මඤ්ඤොක්කා අල ග්‍රෑම් 100 ක විටමින් බී 17 මිලි ග්‍රෑම් 500 ක් පමණ අන්තර්ගත වන බවත්, බතල අල ග්‍රෑම් 100 ක විටමින් බී 17 මිලි ග්‍රෑම් 100 ක් පමණ තිඛෙන බවත් සොයා ගෙන තිබෙනවා.
 
මීට අමතරව, රතු කැකුළු සහල්, රතු කවුපි. තල වැනි ආහාරවලත් විටමින් බී 17 අඩංගු වෙයි. පිළිකා මර්දනයෙහිලා කටු අනෝදා, පැපොල්, කොමාරිකා මදය දෙළුම් කරවිල ඇට සතු විස්මිත හැකියාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව, විද්‍යාඥයින් අවධාරණය කර තිබෙනවා.
 
උපුටා ගැනීම [සමාජ මාධ්‍යය] 
 
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
ලෝක ප්‍රකට දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළඹෙන වසරේ පැවැත්වෙන 69 වැනි...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top