මෙතෙක් ජීවත් වූ ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නම් දරා සිටි ඉතාලි ජාතික කාන්තාවක් වන එමා මොරානෝ මියගොස් තිබෙනවා.
1899 වසරේ නොවැම්බර් 29 වන දා උපත ලබා තිබෙන ඇය ලෝක යුද්ධයන් 2ක්, රයිට් සහෝදරයින් විසින් ලොව ප්‍රථම ගුවන් යානය හඳුන්වා දීම සහ ඉතාලි රාජ්‍ය පාලනය වසර 90කට අධික කාලයක් සියැසින් දැක බලා ගැනීමට වාසනාවන්ත වී තිබේ.
එමා අවුරුදු 65 දක්වා ඉතාලියේ කම්හලක සේවය කර ඇති අතර ඇයට කිසිදු පවුලක් හෝ නෑදෑයෙකු නොමැති බව ඇයගේ වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.
ඇය මිය යන විට 117 හැවිරිදි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.