කාන්තාවකගේ පා ඇඟිලි වලින් කියවෙන ඔබ මෙතෙක් නොදත් රහස්
Monday, 17 April 2017 - 12:30 | Views - 79,337
කාන්තාවකගේ සුන්දරත්වය කියන්නේ ඇයගේ සියලු අංග ලක්ෂණ සමඟ බැඳි පවතින්න දෙයක්.
මේ අතරින් ඇයගේ සුන්දරත්වය සහ පිරිසිදුකම කියාපාන ඇයගේ දෙපාවල ලක්ෂණ, ඇයගේ ගතිගුණ කියපාන්නෙත් විස්මිත අයුරින්.

ස්ත්‍රීන්ගේ ශරීරයේ සෑම අංග ලක්ෂණයක්ම කලාත්මකව හා ලස්සනට පිහිටා තිබෙන අතර මෙම පිහිටීම අංග චලන අනුව විවිධාකාර වේ. පාද ලක්ෂණ, ඇඟිලි පිහිටීම අනුව පුරාණ ඍෂිවරයන් ලියා ඇති පලාපල කෙසේදැයි මෙම ලිපියෙන් දැනගැනීමට පුළුවන්.

ස්ත්‍රියකගේ පාදයේ ඇඟිලි නියමාකාරව පිහිටීම හෝ නොපිහිටීම අනුව විවිධ පලාපල සඳහන්වී තිබෙනවා.මෙහි සුබ මෙන්ම අසුබ පල ද ඇතුළත්.

පාදයේ නියපොතු උත්තල හැඩයෙන් පිහිටා සිනිඳුව රෝස පැහැයෙන් යුක්ත නම්
එම ස්ත්‍රිය වාසනාවන්ත තැනැත්තියකි. ඒ වගේම පිටිපතුල මසින් පිරී සිනිඳුව දිස්නයක් දෙන ආකාරයෙන් පවතී නම් ඇය පින්වන්තියකි. සැපසම්පත් හිමිවේ. සාර්ථක විවාහයක් සිදුකර ගනී.      
ස්ත්‍රීන්ගේ පය මැද අධික ලෙස නහර මතු වී ඇත්නම් ඇය නිතරම ඇවිදීමට යෙදෙන කෙනෙකි. පිළිවෙළට වැඩ කිරීමට මැලිකමක් දක්වයි.

ස්ත්‍රීන් ගමන් කරන විට යම්කිසි ලාලිත්‍යයක් ඇත. එය දුටුවන් නෙත් වශී කරන්නකි. නමුත්, සමහර ස්ත්‍රීන් ගමන් කරන විට පාදය ඇලකර තබමින්, එය බිම අද්දමින් ගමන් කරන්නේ නම් ඇයගේ පියා මත්ද්‍රව්‍ය භාවිතා කරන අයෙකි. මාපිය දෙයක් හිමි නොවේ. විවාහයේ දී කල්පනාකාරී වියයුතුය.

සමහර ස්ත්‍රීන්ගේ සුළැඟිල්ල බිම වදින්නේ නැතිව පිහිටයි. මේ අය සැමියාට යටත් නොවේ. විවාහ ජීවිතයේ දී කල්පනාකාරී වීම වැදගත්. ජීවිතයේ අවසාන කාලයේදී ද කල්පනාකාරී වීමෙන් අවසන් කාලය සතුටින් ගත කිරීමට පුළුවන.

යම් ස්ත්‍රියකගේ ඇඟිලි පිළිවෙළක් නොමැතිව පිහිටා, පාදයේ දෙවැනි ඇඟිල්ල පළමු ඇඟිල්ලට වඩා දික්ව පිහිටා ඇත්නම් ඇය සැමියාට යටත් නොවේ. ඇයගේ අණසක අනුව ජීවත් වුවත්, විවාහය සාර්ථක වේ.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top