සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කෝලිගේ කොණ්ඩයට සුපිරි ගණනක් වියදම් වෙලා , ඔන්න බලන්නකෝ ඒ විලාසිතාව..
Monday, 27 January 2025 - 9:30 | Views - 1,463
ඔහු ගැන කාලයෙන් කාලයට බොහෝ දෙනෙක් කතා වෙනවා..

මේ කියන්න යන්නේ කාගේත් අවදානය දිනාගත් විරාත් කෝලිගේ කොණ්ඩ විලාසිතාව ගැන කතාවක්..

ඒ හෙයාර් කට් එකේ වියදම ගැන ඇසුවොත් ඔබ පුදුම වේවි..

කෙනෙකුට හිතෙයි ඇත්ත තමයි ඇති නැති පරතරය නේද කියලා. ඔව්. ඒත් ඒකටම කැපවීම මහන්සිය ආශාව, පීඩනය යටතේ දියුණු වීම සහ අවසානයේ සැපවත් ජීවිතයක් ළඟා කර ගැනීම කියලත් කියන්න පුළුවන්. අසීමිත කරදර ගොඩක් මැද්දේ ක්‍රිකට්වලට එන්න කට්ට කාගෙන වැඩ කරපු විරාත්ටත් පනහට සීයට කොණ්ඩෙ කපපු දවස් තියෙන්න ඇති.

ඒත් දැන් ඔහු ලෝකෙම ආදරය කරන ඉන්දීය ක්‍රිකට්වල පුරාවෘත්තයක්. ක්‍රිකට් ක්‍රීඩාවට කෝලිගේ බලපෑම සංඛ්‍යාලේඛනවලින් විතරක් මනින්න පුළුවන් එකක් නෙවෙයි. ඔහු ඊළඟ පරම්පරාවකට ආස්වාදයක් වගේම ආදර්ශයක් වුණු නායකයෙක්. ඉතින් තමන්ගේ පෞරුෂත්වය ලෝකය ඉදිරියේ නඩත්තු කරන්න ඔහුට සිද්ධ වෙනවා ඇති අනිවාර්යයෙන්ම.

අනිත් දේ ඔහු ප්‍රසිද්ධ ක්‍රිකට්වලට විතරක්ම නෙවෙයි. විරාත් කියන අනන්‍යතාව නිර්මාණය වෙන්නෙ ඔහුටම යුනික් විලාසිතාවක් එක්ක.

2024 IPLවලට කලින් කීර්තිමත් කොණ්ඩා මෝස්තරකරුවෙක් වෙන ආලිම් හකීම් විරාත්ගෙ කොණ්ඩෙට දැම්ම හෙයා කට් එක සමාජ මාධ්‍යවල නැගලා ගියා. ඔහු විරාත්ගෙ පමණක් නෙවෙයි එම්.එස් දෝණිගෙ සිට බොහෝ ක්‍රීඩකයින්, කලාකරුවන්ගේ නිල කොණ්ඩා සැකසුම් ශිල්පියා ලෙස ප්‍රසිද්ධයි. වරක් ඔහු කොණ්ඩා කැපීම් සඳහා ඔහුගේ මිල ගණන් පිළිබඳ විවෘතව කතා කළා.

"මගේ ගාස්තුව ඉතා සරලයි. මම කොපමණ මුදලක් අය කරන්නේද යන්න සියලු දෙනා දන්නවා. එය ආරම්භ වන්නෙ රුපියල් ලක්ෂ 1 සිට. ඒක තමයි අවම ගාණ. දෝනි සර් සහ විරාත්, ඔවුන් ඉතා පැරණි මිතුරන් වන අතර ඔවුන් දිගු කලක් තිස්සේ කොණ්ඩය කැපීම සඳහා මා වෙතයි එන්නේ. මීළඟ පෙනුම කුමක් විය යුතුද යන්න ගැන අපි නිතර කතා කරනවා. 2024 IPLවලට පෙර අපි කූල් වැඩක් කරන්න හිතුවා. පසුව එහි ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කළාම ඒකට ලැබුණු ලයික් සහ කමෙන්ට් තනිකරම පිස්සුවක් වුණා."

හකීම් කෝලිගේ අතිවිශාල රසිකයන්, අනුගාමියන් සහ ඔහුට විලාසිතා ලෝකයට කළ හැකි අද්විතීය බලපෑම ගැන මෙහිදී සඳහන් කළා.

“ඒ වගේම ඔහුට විශාල රසික පිරිසක් ඉන්නවා. ලොව පුරා මිනිසුන් විරාත් කෝලි අනුගමනය කරනවා. විලාසිතා සහ සෞන්දර්යය සම්බන්ධයෙන් විරාත් කෝලි කියන්නෙ විශාල සංවේදනයක්. විලාසිතා සම්බන්ධයෙන් ඔහුගේ සෞන්දර්යය ඉතා විශිෂ්ඨයි. ඔහු හොඳම ක්‍රීඩකයෙක් පමණක් නෙවෙයි. ලෝකයේ හොඳම ක්‍රීඩකයා. විලාසිතා සම්බන්ධයෙනුත් ඔහු තමයි අංක එක"

ඔහු හිටපු ඉන්දීය නායක දෝනි ගැන ද කතා කරමින් කියා සිටියේ ඔහු ඕනෑම හොලිවුඩ් නළුවෙකුට දෙවැනි නොවන බවයි.

"මම ඔහු නිතරම දකින්නෙ තරුවක් ලෙස. ඉතින් ඇඩ් එකක් ෆිල්ම් එකක් කරන හැම වෙලාවකම මම ඔහුගෙන් ඉල්ලනවා මගේ ෆෝන් එකෙන් මට ඔයාගෙ ෆොටෝ ෂූට් එකක් කරන්න, වීඩියෝ එකක් කරන්න ඉඩ දෙන්න කියලා."

ඉතින් දැන් තේරෙනවනේ විරාත්ට රුපියල් සීයට දැන් කොණ්ඩෙ කපන්න බැරි ඇයි කියලා.

මුහුණුපොත ඇසුරෙන්..
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top