එලෝන් මස්ක්ගේ තවත් එක් සිහිනයක් අතරමගදී බොඳවී යයි..
Friday, 17 January 2025 - 8:34 | Views - 358
ඔහු මේ වගේ බොහෝ දේ කරන්න ගොඩක් වෙහෙස වුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..

සුප්‍රකට තාක්ෂණික ව්‍යාපාරික ප්‍රකෝටිපති එලෝන් මස්ක්ගේ SpaceX සමාගම විසින් නිෂ්පාදනය කරන ලද Starship Flight 7 යන අභ්‍යවකාශ යානය එහි පර්යේෂණ පියාසැරියේ දී විනාශ වී ගොස් තිබෙනවා.

අමෙරිකාවේ වේලාවෙන් ඊයේ (16) පස්වරු 5:38ට ටෙක්සාස් හි පිහිටි දියත් කිරීමේ මධ්‍යස්ථානයකින් දියත් කළ මෙම යානය ඉන් විනාඩි කිහිපයකට පසු මෙම අසාර්ථක වීම සිදුව තිබුණා.

අදාළ යානය මේ අයුරින් විනාශ වී තිබුණේ බූස්ටරයෙන් වෙන් වී මද වේලාවකට පසු වන අතර එය උඩුගුවන්නේ දී විනාශ වීමෙන් අනතුරුව එහි සුන්බුන් දැවී පොළවට වැටෙන අයුරු ඇතුලත් ඡායාරූප සමාජ මාධ්‍ය හරහා නිකුත්ව වුණා.

මෙම නවතම අභ්‍යවකාශ යානය නිර්මාණයේ දී එලෝන් මස්ක්ගේ SpaceX සමාගම හා බිලියනපති ජෙෆ් බෙසෝස්ගේ ආයෝජන ද ලැබී තිබුණු බව වාර්තා වනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top