ලසිත් මාලිංග හා දකුණු අප්රිකාව අතර වසර දෙකක ගිවිසුමක්
Saturday, 15 April 2017 - 16:25 | Views - 5,462
ලසිත් මාලිංග ඇතුලු ලොව ප්රමුඛතම විස්සයි විස්ස ක්රීඩකයන් 8 දෙනෙකු දකුණු අප්රිකානු විස්සයි විස්ස ලීග් තරඟාවලිය සඳහා වසර දෙකක ගිවිසුමකට එළඹී තිබෙනවා.
දකුණු අප්රිකානු ක්රිකට් ආයතනය නිවේදනය කළේ ක්රිස් ගේල්, බ්රෙන්ඩන් මැකලම්, කෙවින් පීටර්සන්, ඞ්වේන් බ්රාවෝ, ඉයොන් මෝගන්, කයිරන් පොලාඩ්, ජේසන් රෝයි සහ ලසිත් මාලිංග මෙලෙස 2017 - 2018 ක්රීඩා වාරය සඳහා දකුණු අප්රිකානු විස්සයි විස්ස තරඟාවලියට එක්වන බවයි.
මෙම සියලු ක්රීඩකයන් විස්සයි විස්ස තරඟවලදී දස්කම් දැක්වූ විශිෂ්ඨතම තාරකා ලෙස හැඳින්විය හැකි බවයි දකුණු අප්රිකානු ක්රිකට් ප්රධාන විධායක හරූන් ලොගාඩ් ප්රකාශ කළේ.
මෙවර දකුණු අප්රිකානු විස්සයි විස්ස ලීග් තරඟාවලිය මේ වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිතයි.
Share This Article