ලසිත් මාලිංග හා දකුණු අප්‍රිකාව අතර වසර දෙකක ගිවිසුමක්
Saturday, 15 April 2017 - 16:25 | Views - 5,463
ලසිත් මාලිංග ඇතුලු ලොව ප්‍රමුඛතම විස්සයි විස්ස ක්‍රීඩකයන් 8 දෙනෙකු දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ලීග් තරඟාවලිය සඳහා වසර දෙකක ගිවිසුමකට එළඹී තිබෙනවා.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ක්‍රිස් ගේල්, බ්‍රෙන්ඩන් මැකලම්, කෙවින් පීටර්සන්, ඞ්වේන් බ්‍රාවෝ, ඉයොන් මෝගන්, කයිරන් පොලාඩ්, ජේසන් රෝයි සහ ලසිත් මාලිංග මෙලෙස 2017 - 2018 ක්‍රීඩා වාරය සඳහා දකුණු අප්‍රිකානු විස්සයි විස්ස තරඟාවලියට එක්වන බවයි.

මෙම සියලු ක්‍රීඩකයන් විස්සයි විස්ස තරඟවලදී දස්කම් දැක්වූ විශිෂ්ඨතම තාරකා ලෙස හැඳින්විය හැකි බවයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ප්‍රධාන විධායක හරූන් ලොගාඩ් ප්‍රකාශ කළේ.

මෙවර දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ලීග් තරඟාවලිය මේ වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top